ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (21) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී වාර්තා වූ අතර එම ගණන 15,413ක් විය.
අසල්වැසි ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 4,10,461ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 366ක් වාර්තා වු අතර ඒ සමඟ එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 13,254ක් දක්වා ඉහළ ගියේය.
ලොව සිව්වැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන ඉන්දියාව නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ආසියානු රට බවට ද පත්ව ඇත.
ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,69,451ක් වන අතර සුවය ලබා පිටව ගිය රෝගීන්ගේ ගණන 2,27,756කි.
නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,28,205ක් විය. ඉන්පසු තමිල්නාඩුවෙන් ආසාදිතයන් 56,845 දෙනකු, දිල්ලියෙන් ආසාදිතයන් 50,746 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 26,780 දෙනකු ඊයේ පස්වරු වනවිට වාර්තා වී තිබිණි.
ඉන්දියාවෙන් ඊයේ (20) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා ආසාදිතයන් 14,516 දෙනකු වාර්තා වූ අතර වාර්තා වූ නව කොරෝනා ආසාදිත මරණ ගණන 375 කි.
මේ වනවිට අඛණ්ඩව දින දහයක් ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 10,000 ඉක්මවා වාර්තා වී ඇත.
අසල්වැසි පාකිස්තානයෙන් සහ බංග්ලාදේශයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන පිළිවෙළින් 1,71,666ක් සහ 1,08,775ක් ලෙස දැක්විණි.
එන්.ඩී.ටීවී./අල්ජසීරා
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවෙන් දිනක් ඇතුළත ආසාදිතයන් 15,000ක්