(මහේෂ් කිර්තිරත්න)
මෙවර මහ මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින විනයාගමුර් ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව රජය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එම ප්‍රකාශ ඉතා බරපතල ප්‍රකාශයක් බවත් සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් අපෙක්ෂක හිටපු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා අද (20) පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ රත්තොට අසාන බල මණ්ඩල රැස්වීමට සහභාගි වූ අවස්ථාවේදීය.
වැඩිදුරටත් අදහස් දැක්වු අලුවිහාරේ මහතා මෙසේද පැවසීය.
‘’රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් මේක.කොරොනා වලින් මැරුණු ගණන් සහ එල්ටිටිඊ සංවිධානයෙන් අපේ රණවිරුවන් මෙන්ම නිරායුධ වැසියන් විශාල වශයෙන් ඝාතානය කළා.අරන්තලා භිුක්ෂු ඝාතනය.බෞද්ධායගේ මුදුන් මල්කඩක් වන ශ්‍රි දළදා මාළිගාවට ඇතුලු රටේ ප්‍රධාන ස්ථාන කිහිපයකට ප්රහාරයන් එල්ල කළේ කරුණා අම්මාන්ගේ සැලසුම් වලට අනුවයි.
වත්මන් රජයේ ජනාධිපති මෙන්ම අගමැතිවරයා විසින් කරුණා අම්මාන්ට විවිධ තනතුරු වරප්‍රසාද ලබා දුන්නා.අද බය නැතිව එම ප්‍රකාශ සිදු කරන්නේ ඒ අයගේ අනු දැනුම මතද කියන එකත් ප්‍රශ්නයක්.
මේ මැතිවරණ සමයේ ප්‍රකාශ කිරිම පිළිබඳව අදාළ අංශ පරික්ෂණ පැවැත්විය යුතුයි.එදා සන්ධානයේ උප සභාපතිකම් පවා කරුණා අම්මාන්ට ලබා දුන්න.විමල් විරවංශ වැනි දේශප්‍රේමි සලු පිළි පැළදගෙන සිටින පිරිසගෙන් අපි අහනවා මේ පිළිබඳව මොනවන කියන්නේ කියලා.
මෙවැනි ප්‍රකාශත් සමඟ ජනතාව යළි තැගැස්සීමකට ලක් වෙනවා.කරුණා අම්මාන් බය නැතිව කියනවා ජනාධිපතිත් අගමැතිත් ආරාධනා කළා කියලා.එදා පැවති ආණ්ඩු සමයේ වචනයක් අල්ලගෙන මේ වත්මන් රජය ඔවුන්ට හිතවත් මාධ්‍ය අල්ලගෙන විවිධ දේ කිව්වා.
අද වචනයක්වත් කතා කරන්නේ නැහැ.අපි සමගි ජනබලවේගය විදිහට මෙම ප්‍රකාශ දැඩි ලෙස හෙළා දකිනවා.මෙවර මහ මැතිවරණයෙන් පසු සමගි ජනබලවේගය බහුතර බලයක් පාර් ලිමෙන්තුවෙන් අපි ලබා ගන්නවා.බහුතර මන්ත්‍රි කැමැත්ත අනුව සජිත් ප්‍රේමදාස මහතා අපි අගමැති බවට පත් කරනවා ඒ සදහා සියලු දෙනාගේ සහය ලබා දෙන ලෙසද ඉල්ලනවා’’ යැයිද ඒ මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට සපෝර්ට් කරනවා නම් දේශදෝහීනුත්, දේශප්‍රේමීන් වෙනවා මහත්තයෝ...
කරුණා දේශප්‍රේමියෙක් වුණාට, යුද්ධය දිනපු සරත් ෆොන්සේකා දේශප්‍රේමියෙක්ද?...
කරුණාට පමණක් නොවෙ නිරායුධ පොලිස් නිලධාරින් 600 කොටින්ට යටත් වෙන්න දුන්නු අය ගැනත් හොයලා බලන්න...
කරුණා අම්මාන් අහිංසක සිංහල ජනතාව, පොලිස් නිලධාරීන්, හමුදා සෙබළුන් අමු අමුවේ මරාදැමීම සහ දළදා මාලිගාවට බෝම්බ ගසා විනාශ කිරීම පිළිබදව නායක භික්ෂුන් වහන්සේලා නිහඩව සිටින්නේ, මේ වනවිට කරුණා මහින්ද රාජපක්සගේ රජයේ හිටපු ඇමතිවරයකුව සිටි නිසා සහ වර්තමානයේ මහින්දගේ පොහොට්ටු පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්වන නිසාද? සිංහල ජාතිය වාසියට දේශප්‍රේමය පිළිබදව අලි ටෝක් දෙන විමල්ලා සහ ගම්මන්පිලලා සිටින්නේ කොහිද ? යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති දරන්නේ කුමන මතයක්ද? සජිත් ගේ පියා කොටින්ට අවි ලබා දුන් බවද කියවේ. සමගි ජනබලවේගයේ නායක සජිත් කිසිවක් නොකිය සිටින්නේ මන්ද?
කරුණා මේ කරපු ප්‍රකාශය වැරදියි වගේම ඒක තමයි ඇත්ත.. ඔහු එදා නැගෙනහිර LTTE නායකයා. අනිවාර්යයෙන් ඔහු එදා තස්ත්‍රවාදී ක්‍රියා කළා. හැබැයි ඊට පස්සේ ඔහු එම සංවිධානයෙන් වෙන්වෙලා රජයේ හමුදා ක්‍රියාන්විත සඳහා උපරිම සහයෝගය දුන්නා. ඔහුගේ හමුදා සමග එදා LTTE තස්ත්‍රවාදීන්ට එරෙහිව සටන් වැදුණා. එදා ඔහු සිංහල ජනතාවට වීරයෙක් වුණා. ඔහු තස්ත්‍ර සංවිධානයෙන් වෙන් කරලා අරන් ඔහුගේ සහයෝගය ගත්තේ ඔබලාගේ නායක රනිල් වික්‍රමසිංහ කියලා ආඩම්බරෙන් කිව්වත් මතකයි. අමතක කරන්න එපා... අදටත් කරුණා තමයි LTTE සංවිධානයේ ලොකුම හතුරා. කරුණාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා නම් 88/89 කාලයේ මරපු 30000 තරුණයින් වෙනුවෙන් අද ඉන්න ජේවීපී නායකයින්ට එරෙහිවත් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කළ යුතුයි.
තොණ්ඩමන්, කරුණා අම්මාන් යන අයට තියෙන්නේ විශේෂ වරප්‍රසාද.. රණවිරුවන්, රටවිරුවන් මේ වෙලාවේ කොරෝනා බෝම්බ වෙලා. රට විරුවන්ට රටට පය ගහන්නවත් තහනම්... නිවාඩුවට ගෙදර ගිය රණවිරුවෝ අල්ලන්න පොලිසිය ආවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු...
තොණ්ඩමන්, කරුණා අම්මාන් යන අය VIP පුරවැසියන්... ඔවුන්ට තිබෙන්නේ විශේෂ වරප්‍රසාද... රටවිරුවන්, රණවිරුවන්.. මේ අවස්ථාවේ හඳුන්වන්නේ කොරෝනා බෝම්බ කියලා... රටවිරුවන්ට රටට පය ගහන්නවත් තහනම්... නිවාඩුවට ගෙදර ගිය රණවිරුවන් අල්ලන්න පොලීසිය ආවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
එදා කරුණා අම්මාන් රජයට එකතු නොවන්නට අද වනවිට අපේ ලංකාව රටවල් දෙකක් වී අවුරුදු 5ක සංවත්සරයත් සමරලා අවසන්... ඔහුගේ මග පෙන්වීම නොවන්නට බටහිර රටවල් වලින් සුපිරි ආධාර ලැබූ කොටි කල්ලිය පරාජය කිරීම සිහිනයක් පමණක් වනු ඇති... වර්තමානයේ දේශපාලන වේදිකාවේ උඩු බුරලන සමහර මෝඩයින්ට එදා තමන්ගේ ජීවිතය කොතරම් අවධානම් තත්ත්වයක තිබුණාද කියලා මතක නැහැ. මේ වගේ අය පාර්ලිමේන්තුවට යවනවාට වඩා හොඳයි මානසික රෝග වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන එක... අපේ ජනතාව දැන්වත් ඔලුව කල්පනා කරලා මෝඩයින් පාර්ලිමේන්තුව යාම වළක්වන්න ඕනෑ.
සමහර හාමුදුරුවරු වෙන ඒවට කෑගහනවා... කෝ මේවට කතාකරනවා? දේශපාලනය නොවෙයි.. රට, ජාතිය නොසලකා ඡන්ද හොයන තුට්ටු දෙකේ දේශපාලනය...
කරුණා වෙන පක්ෂයකට උදව් කරනවා නම් මෙලහකට රට ගිනිතියලා.
කරුණා අම්මාන් කරපු වැරදිවලට එදා ඔහු නීතිය හමුවට පැමිණවිය යුතුව තිබුණා. ඒ වෙනුවට රාජපක්ෂලා කලේ සරත් ෆොන්සේකා හිරේ දැමීමයි. සිංහල ජාතිය ගැන උඩ පනින කිසිවෙක් එදා කතා කලේ නැහැ. අදත් කතා කරන්නේ නැහැ.
රට පාලනය කරන පවුලට සිංහ වෙස් ගැන්වීම පිළිබඳ මේ රටේ නායක යැයි කියාගන්නා සංඝයා වහන්සේ සම්පූර්ණ වගකීම බාර ගතයුතු අතර අඩුම තරමේ දැන්වත් වහාම මැදිහත් වී සිංහ වෙස් ගැලවිය යුතුයි... ජනතාව මේ අයගෙන් බේරාගත යුතුයි. මේ අයට රට, ජාතිය, ආගම, ආර්ථිකය ජනතාව නැත්තට නැතිවෙන තැනට වැඩකරන බව සිහි බුද්ධිය ඇති අයට දැනටමත් පෙනී හමාරයි...
මේ වගේ දෙයක් යූ.එන්.පී එකේ හෝ ජ.වී.පෙ. ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් හරි කෙනෙක් කිව්වා නම් මේ රජයේ ඉන්න බොරු දේශප්‍රේමී කෑ ගහන හැටි බලන්න තිබුණා. රාවණා බලය, සිංහල රාවය, සිංහලේ අපි වගේ සංවිධාන දැන් කොහෙද ඉන්නේ..?
උතුරු හා නැගෙනහිර අනෙකුත් ද්‍රවිඩ ක්‍රියාකාරීන්ගෙන් මිදීමට ජනාධිපති ආර්. ප්‍රේමදාසට අවශ්‍ය විය. එකළ LTTE එතරම් ප්‍රබල නොවූ අතර ප්‍රබල බෙදුම්වාදීන්ගෙන් මිදීමට LTTE ආයුධ සහ අනුග්‍රහ දැක්වුවා..
මොන බම්බුවකටද පරීක්ෂණ පවත් වන්නේ..? කරුණා අම්මාන් කරපු නොකරපු දේවල් මේ රටේ ජීවත් වෙන මිනිස්සු දැක්කා. එයා ත්‍රස්තවාදියෙක් වෙලා ප්රභාකරන් සමග ඉන්න කාලේ ත්‍රස්තයෙක් විදිහට වැඩකළා. සිංහලයා සමග එකතු වුණාම දෙමළ ත්‍රස්තයින්ට විරුද්ධව සිංහලයින්ට පක්ෂව කටයුතු කළා. ඒ කාලේ රනිල්ලා කළා වගේ සිංහලයින්ට පක්ෂබව පෙන්වා ප්රභාකරන්ට පක්ෂව වැඩ කළානම් වැරදියි. රනිල්ගේ කට්ටිය කලේ එ්කයි. අංගුලිමාලටත් සමාව දෙන්න පුළුවන් වුණානම් කරුණා අම්මාන්ට සමාව දෙන්න බැරි ඇයි...?
බලලෝභී දූශිත නායකයින්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ...
එතකොට ඒ කාලයේ ඝාතනය කළ සිංහලයින් ගැන පරීක්ෂණ නැද්ද?
ඉතින් කරුණාගේ අණින් මියගිය අපේ රණවිරුවන් ගැන පරීක්ෂණ නැද්ද?
මේවා ඡන්ද කාලේ කියන කතාවන් විතරයි. වසර ගණනක් ආණ්ඩු කළා.. දැන් කියවනවා දඹුල්ල පුස්තකාලය හදන්න දුන්නාද? නැහැනේ.. මොකක්ද කලේ? මොකුත් නැහැ. කරුණා අම්මාන් ගන්නවා නම් මහින්ද ගෝඨාභය වැනි ජනපතිවරු පසුගිය ආණ්ඩුවෙන් නොගෙන ඉඳියිද?