(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය මුහමාලෙයි ප්‍රදේශයේදී වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ ගැටුමකිදී යුද හමුදාවේ වෙඩි තැබීමකිදී එක් අයෙකු මිය ගොස් ඇති බවට පලෙයි පොලිසිය පවසයි.
මුහමාලෙයි ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් පිරිසක් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව යුද හමුදා සාමාජිකයින් පිරිසක් විසින් අදාල ප්‍රදේශයේ ඊයේ (20) වැටලීමක් සිදුකර ඇති අතර එහිදී වැලි ජාවාරම්කරුවන් හා යුද හමුදා සාමාජිකයින් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇත.
වැලි ජවාරම්කරුවන් පිරිසක් විසින් යුදහමුදා සාමාජිකයින් යටකර වාහන වලින් පලා යාමට උත්සහ දරා ඇති අතර තවත් ජාවාරම්කරුවන් පිරිසක් විසින් පැමිණි යුදහමුදා සාමාජිකයින්ට පහර දී ගිනි අවි පැහැරගැනීමට උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේදී ආරක්ෂාව වෙනුවෙන් යුදහමුදා සෙබගෙකුගේ ගිනිඅවිය පත්තුවීමෙන් එක් අයෙකුට බරපතල තුවාල සිදු වී ඇත.
බරපතල තත්වයේ සිටි තුවාලකරු පලෙයි රෝහලට රැගෙන ගොස් ඇති අතර රොහලේදී තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් ඇති බවට පලෙයි පොලිසිය පැවසීය.
වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ පලෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ටී.රාමලිංගම් නැමති තරුණයෙක් වන අතර ඔහුගේ මහෙස්ත්‍රාත් මරණ පරික්ෂණ කටයුතු අද (21) දින සිදු කිරීමට නියමිත බවටද පලෙයි පොලිසිය පැවසීය.
තරුණයාගේ මිය යාමත් සමඟ ප්‍රදේශවාසීන් විසින් වෙඩිතැබීමට එරෙහිව පලෙයි රෝහලට පැමිණ විරෝධය පෑමට ගත් උත්සහයේදී පලෙයි පොලීසිය විසින් තත්වය පාලනය කිරීමටද පියවර ගනු ලැබූ අතර අදාල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරන බවට පලෙයි පොලීසිය පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර වැඩ කරන්න ගිහින් මෙහෙම වුණා නම් මොන උද්ඝෝෂණද? ගමරාළ ගොයියා හිටියා නම් වැලි හොරුන්ට වන්දලා සල්ලියි, තෑගියි, පදක්කනුයි දීලා යවන්නේ...
ඔවුන් හැසිරිලා තියෙන්නේ ත්රස්තවාදීන් හැටියට..
කෙනෙකු මියගියවිට කුමන ජාතියක වුවත්, කණගාටුවක් දැනීම මනුෂ්‍ය ගතියක්. ඒත්, සිංහල මිනිසාට ඇති නීතියම රටේ අන් ජාතීන්ටත් එකසේ ක්‍රියාත්මක විය යුතුයි. නීතිය නම්, කාටත් නීතිය. වැලි ජාවාරම් කරුවන් පහර දෙන විට,වාහන වලින් යටකරන්නට හෝ කරන උත්සාහයකදී, නිකං ඉඳලා බැහැ. එය මෙල්ල කළ යුතුයි...
ඔතනට හමුදාව යැව්වේ අත ගගා ඉන්න නොවෙයි ටිකක් ඉන්න. ඡන්දෙ ඉවර වෙනකන් ඊට පස්සේ පටපට ගාලා දෙන්න.
හමුදා පාලනයක් තියෙන රටක යුදහමුදාවට සිවිල් වැසියන් අත්අඩංගුවට ගැනීමට බලය ඇත.