(ඩයනා උදයංගනී)
එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ නායකයෙක් ලෙස අලිමංකඩදි හා කිලිනොච්චියෙදි යුද හමුදාවේ දෙතුන් දාහක් මරා දැමූ බව කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නිසා ඔහුට එරෙහිව අපරාධ පනත හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතයැයි. ජාතික හෙළ උරුමයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එළඹෙන මහ මැතිවරණය ජයගැනීම සඳහා රණවිරුවන් ඉදිරියට දමමින් කටයුතු කරන වත්මන් ආණ්ඩුව, ශ්‍රී ලංකා යුධ හමුදාවේ දහස් ගණනක් මැරූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ කොටි වීරයා ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමේ දේශද්‍රෝහී ක්‍රියාවලියක නිරත වී සිටින බව ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ දී අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ නායකයෙක් ලෙස විශාල අපරාධ කළ අයෙක් වුවත් කිසිම අවස්ථාවක ඔහු එය පිළිගෙන තිබුණේ හෝ ඒ සම්බන්ධයෙන් සාක්ෂි තිබුණේත්, පරීක්ෂණයක් කෙරුණේත් නැතැයි පාඨලී චම්පික රණවක මහතා කීවේය.
දැන් කරුණා අම්මාන්ම තමන් හමුදාවේ 2000 ක් 3000ක් පමණ මරා දැමූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති නිසා කියා ඇති නිසා එය එක්තරා ආකාරයකට සාක්ෂියක් බව ද හෙතෙම පැවසීය.
ඒ නිසා රජය වහාම විනයාගමූර්ති මුරලිදරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයැයි පාඨලී චම්පික රණවක මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුගේ චතුර හඬට සවන් දෙන්න.
ඕවා වෙන්නේ නැති වෙයිද මහත්තයෝ..? රාජපක්ෂලාට සහාය දෙනවා නම් කට්ටිය නිකන්ම දේශප්‍රේමී වෙනවා.
වීරෝදාර රණවිරුවන් කියමින් දිවා රාත්‍රී මොරදෙන අය දැන් පවසන්නේ කුමක්ද? කරුණා අම්මාන් තමා රණ විරුවන් 2000ක් 3000 ක් ඝාතනය කළා කියා ප්‍රසිද්ධියේ කියා තිබෙනවා.. කෝ දැන් රණවිරුවන් වෙනුවෙන් මොර දෙන ඊනියා දේශප්‍රේමීන්.. නකුට අස්සේ හොවාගෙන අඳන් යට වගෙයි.. නේද? කෝ මේ රටේ නීතිය ... කෝ අධිකරණ .. කෝ වගකිවයුතු බලධාරීන්..?
කරුණා රණවිරුවෙක්.
කරුණා පොහොට්ටුවේ එකම වීරයා.
යුද්ධය අවසන් කරන්න වචනෙක, සත පහක සහයෝගයක් නොදීපු, "තොප්පිගල කියන්නේ මහා ඝන කැලෑවක්" "අලිමංකඩ කියලා පාමංකඩ" යනවා කිය කියා රණවිරුවන්ට කියන්න තියන ඔක්කොම නින්දා අපහාස කරපු අයට මෙන්න දැන් මාරම දුකක් හදවතේ ඇතිවෙලා කියන්නකෝ...
කරුණාගේ ප්‍රශ්නේ ආණ්ඩුව බලා ගනියි, ඔබතුමා අර හප්පපු අය ගැන බලා ගන්නකෝ...
කෝ මේ අපේ ශවේන්ද්‍ර, කමල් ,ගුණරත්න...? කෝ මේ වීරවංශ දරුවා, ගම්මන්පිළලා... ඔයාලා තාම නිදිද?
ඔව්, නීතිය ක්‍රියාත්මක විය යුතුයි. හැබැයි මෙයාට දැන් තමයි මතක්වෙලා තියෙන්නේ..
උණුසුම් සුභ පැතුම් අපේක්ෂකතුමාට.
ඔව්. ඇත්ත. ජේවීපී අයත් මිනි මැරුවනේ එතකොට ඒ අයට විරුද්ධව මුකුත් කරන්න ඕන නැත්ද?
එතකොට අර ළමයා වාහනේට යට කරලා පලාගොස් පොලීසියට වංචා කළාට නීතිය ක්‍රියාත්මක කරන්න එපාද ?
අර අහිංසක කොල්ලෙකුගේ ජීවිතේම කාලා තමන්ගේ වැරැද්ද පිළි නොගෙන තවත් එකෙකුට වරදට පටලවල ඇඟ බේරගෙන ඉන්න කරම් ඔහේට හෘද සාක්ෂියක් තිබේද නැද්ද? තමන් ඇති තරම් පව්කාරකම් කරමින් අනුන්ගේ කුණු හොයන්නට ඇති සදාචාරය මොකක්ද?
පොලිසියට පැමිණිලි කරන්න...
මේ කරුණා අම්මාන් කියන්නේ අපේ මහින්ද මහත්තයාට යුද්දෙ දිනන්න උපකාර කළ ජාතික වීරයෙක්නේ... කරුණා අම්මාන් මැතිතුමා හීනෙන් දොඩවපු කතාවක් අල්ලගෙන දේශද්‍රෝහීන් බොරුවට කෑගහනවා.
දේශපාලනය කරන්න කලින් මාධ්‍ය බලයක් හදාගන්න මහත්තයෝ. බලේ ඉන්න කාලෙ මාධ්‍යවේදියෙක් දිහා බැලුවෙ නෑ. රනිල්ට මාධ්‍යවේදියෙක් දැක්කම ගැරඬියට භූමිතෙල් ගෑවුණූ වගේ. මාධ්‍ය නැතුව දේශපාලනය කරන්න ගිහින් අපරාදෙ සල්ලි නාස්තිකරගන්න එපා. බලය ගත්තත් ටික කාලෙකින් ආණ්ඩුව ගෙදර. ඔයාලට බලය ඕන මොනා කරන්නද?
රට හදන්න පුළුවන් දැක්මක් ඇති මොලයක් ඇති කෙනා චම්පික.
මොලේ නැතුව කොල්ලෙක් අබ්බගාතයෙක් කරලා, ඊට පස්සේ සීසීටීවී මකවල දාපු සෙල්ලම් කරන්න මොළයක් ඕනේ තමයි.
කරුණා අම්මාන් රාජපක්ෂ වෙලා තියෙන්නේ ඒකයි මේ...