සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයාගෙන් ආඥාවක් මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදාවල සාමාජිකයන් කැඳවීමට අදාළ ජනාධිපතිවරයාගේ ආඥාවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කරන ලැබීය. 06 September 2021
දඹුල්ලේ පලතුරු - එළවළු මිල පහතට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම හතරට විවෘත කිරීමත් සමග එළවළු ලැබීම අලෙවි වීම සහ මිල විශාල වශයෙන් පහත වැටෙමින් පැවැති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති 06 September 2021
පළාත් කීපයකට අද ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (6) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 September 2021
හදිසි නීති යෝජනාව සලකා බැලීමට අද අත්‍යවශ්‍ය සේවා සඳහා පැනවුණු හදිසි නීති රෙගුලාසි අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදේ 10.00ට රැස්වෙයි. 06 September 2021
ෆයිසර් එන්නත් තවත් ලක්ෂයක් කටුනායකට ශ්‍රී ලංකාව මිළදී ගත් ,’’ ෆයිසර් ’’ එන්නත් තවත් මාත්‍රා ලක්ෂයක පමණ ප්‍රමාණයක් අද අලුයම , කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ . 06 September 2021
කොටි භාෂා පරිවර්තක මියයයි එල්ටීටීඊ සංවිධානයේ භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කළ ජෝර්ජ් මාස්ටර් හෙවත් වේලුපිල්ලේ කුමාර් පංචරත්නම් ජීවිතක්ෂයට පත්ව තිබේ. 06 September 2021
’’සෞඛ්‍ය අංශ කියන ඕනැම වේලාවක පාසල් අරින්න සූදානම්’’ සෞඛ්‍ය අංශවලින් කොළ එළිය ( ග්‍රීන් ලයිට්) දැල්වුණු වහාම පාසල් විවෘත කිරීමට සූදානම් යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. 06 September 2021
ජිප්සිස් නායක සුනිල් පෙරේරා මිය යයි මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨයකු වූ, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. 06 September 2021
මේඩ් ඉන් ශ්‍රී ලංකා පළමු සේලයින් තොගය වෛද්‍ය අංශයට මෙරට නිපදවූ පළමු සේලයින් තොගය වෛද්‍ය සැපයුම් අංශයට අද (5)බාරදී ඇත. 05 September 2021
’’එන්නත් තොරතුරු විකෘති කරලා’’ සිනොපාර්ම් එන්නත ලබා ගත් අයට සමහර රටවලට ඇතුළු වීමට ඉඩ නොදෙන බවට බොහෝ පුද්ගලයන් විශ්වාස කරන නමුත් එය අසත්‍යයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය. 05 September 2021
යූඑන්පිය ඇතුළු පක්ෂ හයක් හෙට මැතිවරණ කමිටුව ඉදිරියට මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ හයක නියෝජිතයෝ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හෙට පෙනී සිටිති. 05 September 2021
ඇඳිරිය අවසන් කරන තෙක් ශ්‍රේෂඨාධිකරණය නඩු සීමා කරයි කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කරන තෙක් හදිසි හා අතවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණය හමුවේ කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි එහි ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 05 September 2021
පිටි මිල වැඩි නොකිරීමට රජය තීරණය කරයි තිරිඟු පිටි මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇතැයි සමුපකාර සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය. 05 September 2021
ලාංකික තරුණයෙක් කොරෝනා වනසන යන්ත්‍රයක් නිපදවයි අප අවට පරිසරයේ පවතින කොරෝනා වයිරසය විනාශ කර විනාශ කළ හැකි යන්ත්‍ර දෙකක් නිපදවීමට පිළියන්දල ප්‍රදේශයේ තරුණයකු සමත් වී ඇත. 05 September 2021
සෞඛ්‍ය උපදෙස්වලට අනුව ජීවත්වීම අනිවාර්යයි මෙම කොරෝනා වසංගත අවස්ථාවේ සියලු ජනතාව රජයේ නිති හා සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අනුව ජිවත් විය යුතුයි. කිසියම් කෙනකු මිය ගිය පසු ඒ අඩුව කිසිවකුට පිරිමැසිය නොහැකි බවත් අවශ්‍ය වන්නේ කොරෝනා අවදානමෙන් මිදිමට සියලු දෙනා එක්ව කටයුතු කිරිම බව ආදිවාසිනායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි. 05 September 2021
කොරෝනා මරණ 10000 සීමාව පසු කරයි කොවිඩ් ආසාදිතවූ තවත් 189 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය. 05 September 2021
අධ්‍යාපන අමාත්‍යංශයෙන් විභාග තුනක් ගැන අනාවැකියක් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ -2021 විභාගය ලබන වසරේ 2022 පෙබරවාරි මස 21 වැනි දින සිට මාර්තු මස 3 වැනි දින දක්වා කාලය තුළදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාතයංශය සඳහන් කරයි. 05 September 2021
නිරෝධායනය අස්සේ කුරුණෑගල පාටියක් නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් කුරුණෑගල වැහැර ප්‍රදේශයේ අවන්හලක මත්පැන් සාදයක් පවත්වමින් සිටි පුද්ගලයන් හය දෙනකු රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි. 05 September 2021
අලුත් වන එජාප ගමනට නායකත්වය ගන්නැයි තරුණයන්ගෙන් ඉල්ලයි නව ශ්‍රී ලංකාවක් බිහි කරන වැඩපිළිවෙළ සමඟ අලුත් වූ එක්සත් ජාතික පක්ෂය අරඹන ගමනට නායකත්වය ගනිමින් එකතු වන්නැයි තරුණ පරපුර ඇතුළු සියලු දෙනාට ආරාධනා කරන බව එජාප නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ 75 වන සංවත්සර උත්සවය අමතමින් අද පැවසීය. 05 September 2021
එතෙර සංචාරකයන්ට බුරුලක් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහ මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායන කාලය දින 14 අවසන් කළ විදේශිකයන්ට සංචාරක බුබුලෙන් ඉවත්වී රට පුරා සංචාරය කිරීමේ අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇත. 05 September 2021
ලොවපුරා කොරෝනා ව්‍යාප්ත වෙන්නේ මෙහෙමයි සැප්තැම්බර් වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 05 September 2021
ලංගම රියදුරාගේ අවමඟුලට මහා සෙනඟක් නිරෝධායන නීති උල්ලංගනය කරමින් යාපනය අච්චුවේලි ප්‍රදේශයේ මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකොට ඇතැයි යාපනය සෞඛ්‍ය අංශ පවසයි. 05 September 2021
ඉන්ධන ගැටළුවක්, බේරුවල නගර සභා වාහන කොට උඩ බේරුවල නගර සභාව මගින් පාලනය වන කසල බැහැර කරන ට්‍රැක්ටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල යොදවා තිබෙන වාහන රැසක් ඉන්ධන අර්බුදයක් හේතුවෙන් නගර සභා පරිශ්‍රය ඉදිරිපිට ගාලු පාරේ ගාල්කර තිබේන බව නගර සභාව කියයි. 05 September 2021
දිස්ත්‍රික්ක 4 ක 20-29 අතර පිරිසට එන්නත් හෙට සිට කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩවල තරුණ පිරිස් සඳහා හෙට(06) සිට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 05 September 2021
‘ඉදිරියේදී තවත් සැර කොරෝනා එන්න පුළුවන්’ ඉදිරියේදී මෙයට වඩා ප්‍රබල කොරෝනා වයිරස බෝම්බ බිහිවනු ඇතැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. 05 September 2021
කාන්තාවක් දැරණියගල ප්‍රා.සභාපතිට දැලි පිහියකින් පහර දෙයි දැරණියගල ප්‍රදේශයේ කාන්තාවක දැලිපිහි ප්‍රහාරයකින් දැරණියගල ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාගේ නාසය කැපීම නිසා ප්‍රතිකාර සඳහා දරණියගල රෝහලට ඇතුළත් කර ඇතැයි සීතාවක කොට්ඨාස විශේෂ අපරාධ පොලිස් විමර්ශන ඒකකය කියයි. 05 September 2021
හදිසි නීති රෙගුලාසි විවාදය හෙට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි සම්මත කිරීම සඳහා විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට ( 6 ) පැවැත්වේ. 05 September 2021
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට යළි ඇන්ටිජන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වටයක් හෙට (6) පැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. 05 September 2021
මැණික් කරුවන්ට පොඩි පහේ ’’ඉල්ලමක්’’ රට වසා තැබීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු මැණික් ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර කටයුතු අඩාල වී ඇති බැවින් ඔවුනට රුපියල් 25,000 ක පොලී රහිත ණයක් දෙන්නැයි රජයට යෝජනා කළ බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. 05 September 2021
පහන්තුඩා සිද්ධියේ සමාජ ජාලා ඡායාරූප බොරු පහන්තුඩාව දියඇල්ල අසල නිරුවත් ජවනිකා සහිත ආන්දෝලනාත්මක වීඩියෝවේ සිද්ධීයට සම්බන්ධ බව කියමින් සමාජ මාධ්‍ය තුළ මේ වන විට හුවමාරු වූ යුවළගේ ඡායාරූප ඊට කිසිසේත්ම සම්බන්ධ නැති යුවලක ගේ බව හෙළි වී තිබේ. 05 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026