IMG-LOGO

පාසල් සිසුන් වාර විභාග සහ අත්‍යාවශ්‍ය වැඩවලට පමණයි

 

එළැඹෙන සඳුදා දින (04දා) සිට අප්‍රේල් 08 වැනිදා ( සිකුරාදා) දක්වා කාලය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලවලට අත්‍යාවශ්‍ය සිසුන් පමණක් ගෙන්වීමට විදුහල්පතිවරුන්ට අවසර දීමට  අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.  ඒ අනුව වාර පරීක්ෂණ සහ පාසල්වල පැවැත්වීමට සැලසුම් කර ඇති අත්‍යාවශ්‍යම කටයුතු සඳහා පමණක් සිසුන් කැඳවීමට විදුහල්පතිවරුන්ට හැකිවෙයි.  

මේ වනවිට උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු ශ්‍රේණිවල වාර පරීක්ෂණ අවසන්ව ඇති බවත් අනෙකුත් පළාත්වල ශ්‍රේණි කිහිපයක් සඳහා පමණක් එළැඹෙන සතිය තුළ වාර පරීක්ෂණ පැවැත්වීමට ඉතිරිව ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එළැඹෙන සතිය තුළ සියලු ගුරුවරු සහ පාසල් කාර්යය මණ්ඩල පාසලට පැමිණිය යුතු බවද මෙම නිවේදනයේ දැක්වෙයි.



අදහස් (1)

පාසල් සිසුන් වාර විභාග සහ අත්‍යාවශ්‍ය වැඩවලට පමණයි

ශිෂ්‍යයා Saturday, 02 April 2022 07:01 PM

අධ්‍යාපන ඇමතියා නින්දෙන් අවදිවෙලා ගත්ත මඤ්ඤං තීරණයක් වගේ පට්ට විහිළුවක්...!

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 360 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site