
(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය තුළින් පීඩාවට පත්ව සිටින ජනතාවගේ විරෝධය මර්දනය සහ විකෘති මතවාද තුළින් විසදිමට නොහැකි බව ආණ්ඩුවට අවධාරණය කර සිටින බව සමගි ජන බලවේ බණ්ඩාර ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ජනතාව නැගී සිටින විට ආණ්ඩුව ඊට ප්‍රතිචාර ලෙස මර්ධනයේ හස්තය දිගු කරන ඕනෑම විටෙක, කොන්දේසි විරහිතව ජනතාවගේ පැත්තෙන් පලිහක්ව සිට ගැනීමට පසුබට නොවන බවද මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"ජුබිලි කනුව පෙදෙසේ ජනතාව සිදු කල උද්ඝෝෂණය රටෙි වර්තමානයේ ජනතාව විදින පිඩනයයේ පුපුරා යාමකි. මෙය ආණ්ඩුව මැනවින් වටහා ගත යුතුය.
මෙි පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවෙිදනයෙන් සැබැ ගැටලුව වෙනත් දිසාවකට යොමු කිරිමට දරන උත්සාහය කනගාටුදායකය.
රට පුරා පැතිර ඇති ඉන්ධන ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර පාන පොලිමි වලට ආණ්ඩුවට විසදුමි නොමැත. විදුලි කප්පාදුව පැය දහතුන ඉක්මවා ඇත. ජිවන වියදම අහස උසට ගොසිනි. මෙවාට ආණ්ඩුවේ විසදුමි වලට බාලගිරි දෝෂය වැලදි ඇත. සියලු විසදුමි අද නොව හෙටය.
ආණ්ඩුවේ ඇමතිවරුන්ට මහමග හරස් කරමින් උත්සව වලට යාමට පවා ඉඩ නොදෙමින් ජනතාව දෙන පණිවිඩය ආණ්ඩුවට නොතේරිම රටෙි අවාසනාවකි. කුඩා දරුවන් ඇකයට ගත් මව්වරුන් මේ විරෝධතාවයට එක්විය.
වැඩකරන අහිංසක ජනතාව ඊට එක් විය. මේ පිටවූයේත් පිට වන්නේත් පක්ෂ පාට නොසලකන ජනතාවගේ පිඩනයයි.ආණ්ඩුව ඒ පිලිබදව අංශුමාත්‍රයකින්වත් සංවේදී නොවී සුපුරුදු පරිදි අන්තවාදී සංවිධාන ගැන කියමින් තවදුරටත් මෙය දේශපාලනිකරනය කරන්නේනම් රටෙි අනාගතය අදුරෙන් අදුරට ගමන් කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා සජිත් සමග ආණ්ඩුවක් පිහිටුවනවා හැර රටට වෙනත් විකල්පයක් නැත...
දැන් බබාලා වගේ කතා කළාට මෙයාලාත් මේවාට වගකියන්න ඕනෑ...
ආර්යාව රැකගෙන ඉන්න මහජනයාගේ දුක අදාලම නෑ...
එකම විසඳුම ‘‘මාලිමාව‘‘...
ලංකාව වැටිලා ඉන්න තත්ත්වයට නිදහසින් පසු බලයට ආපු ගොඩක් කාලකණ්ණි වගකියන්න ඕනෑ. විශේෂයෙන් 1978න් පස්සේ බලයට ආපු අය. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ඔක්කෝම මේකට වගකියන්න ඕනෑ. ඔය කට්ටිය පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු 05කින් ආපසු යන්නේ කෝටිපතියන් වෙලා. ඒ තරම් හොරකම් කරනවා...