ක්‍රිකට් ආයතනයේ තවත් රියදුරකුට ‘කොවිඩ්’ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් රියදුරකු ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසීය. 04 September 2021
දෙවන තරගයේ තීරකයා වැස්සද ඛෙත්තාරාම අහස ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක් දින දෙවන ක්‍රිකට් තරඟය පැවැත්වෙන කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට අද පෙරවරු 11:30 වන විට අධික වැසි ඇද හැලෙන්නට පටන් ගත්තේය. 04 September 2021
කොවිඩ් වැළඳී දරුවන් 25ක් මරුට කොවිඩ් ආසාදිත වූ දරුවන් 25 දෙනකු මේ වන විට මිය ගොස් ඇත. 04 September 2021
පසුගිය සතියේ ලොව වේගවත්ම එන්නත්කරණ ශ්‍රී ලංකාවෙන් ජනගහණයට සාපේක්ෂව පසුගිය සතියේ ලොව වේගවත්ම එන්නත්කරණය සිදු කර ඇති රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත. 04 September 2021
කැපිය හැකි වියදම් ගැන වාර්තාවක් ඉල්ලයි එක් එක් අමාත්‍යාංශවල කපා හැරිය හැකි වියදම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මේ සතිය තුළ ලබාදෙන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත . 04 September 2021
ජාත්‍යාන්තර මුහුදේදී ඇල්ලු ධීවර බොට්ටුවෙන් කුඩු කිලෝ 301ක් ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යාන්තර මුහුදේදී අත්අඩංගුව ගත් ධීවරය බෝට්ටුවේ තිබී කුඩු කිලෝ 301ක් සොයාගත් බව නාවික හමුදාව කියයි. 04 September 2021
හඳුනා නොගත් මළ සිරුරු ඉවත් කිරීමට සෞඛ්‍ය ඇමැතිගෙන් නියෝගයක් දිවයින පුරා බොහෝ රෝහල්වල ගොඩගැසී ඇති හඳුනා නොගත් මළසිරුරු වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා ප්‍රධානීන්ට නියෝග කළේය. 04 September 2021
’’ෆයිසර් එන්නත වයස 12 ත් 18 ත් අතර අයට දෙන්න’’ ෆයිසර් එන්නත වයස අවුරුදු 12 ත් 18 ත් අතර දරුවන්ට ලබාදෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 04 September 2021
හොරුන් කැඩූ සිතුල්පවුව චෛත්‍යය යළි හදයි නිධන් හොරුන් සිදුරු කළ සිතුල්පවුුව චෛතයේ කුහරය වසා දැමීමට පුරාවිද්‍යා නිලධාරීහු කටයුතු කළහ. 04 September 2021
ජාත්‍යාන්තර මුහුදේදී මත් කුඩු සමග විදේශිකයන් හතක් අල්ලයි ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යාන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය රැගෙන ගිය බව කියන විදේශ ධීවර යාත්‍රාවක් සමග හත් දෙනකු අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව කියයි. 04 September 2021
පළාත් කීපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 September 2021
තවත් වෛද්‍යවරයෙක් කොරෝනාවට බිලි ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය වසන්ත ජයසූරිය මහතා කොරෝනා ආසාධිතව මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 04 September 2021
අප හැම විටම ශ්‍රී ලංකා සමඟයි - එ.ජා සංවිධානය සාමය හා සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ගන්නා සෑම ප්රයත්නයක් සඳහාම එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය පැවසුවාය. 03 September 2021
කොරෝනාවෙන් මෙතෙක් මියගිය අය ගැන හෝඩුවාවක් කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අගෝස්තු මස 31 වැනිදා දක්වා මියගිය අයගෙන් සියයට 61ක් පමණ තහවුරු කරන ලද දීර්ඝ කාලීන රෝගවලින් විශේෂයෙන්ම බෝනොවන රෝගවලින් පෙළුණු අය යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි මහත්මිය ඊයේ (3) ප්‍රකාශ කළා ය. 03 September 2021
පාරිභෝගික කටයුතු සංශෝධන පනත සඳුදා පාර්ලිමේන්තුවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සැළසුම්සහගතව ඉහළ දමන සහ පාලන මිලට වඩා ඉහළ මිලකට අළෙවි කරන පුද්ගලයන් සහ සමාගම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පාරිභෝගික කටයුතු සංශෝධන පනත ලබන සඳුදා (6) පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 03 September 2021
කුඩා සිතුල්පවුවේ නිධන් හෑරු හතක් රිමාන්ඩ් ඓතිහාසික කුඩා සිතුල් පවුව විහාර භූමියේ පිහිටි පෞරාණික දාගැබක ගර්භය බිද නිධන් වස්තු සෙවීමේ චෝදනාවට අත්අඩංගුවට පත් යෝධකණ්ඩියේ පදිංචි සොත්ති රණා ඇතුළු සැකකරුවන් 07 දෙනා මෙම හත් වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාංචනමාලී ගුණසේකර මහත්මිය නියෝග කළාය. 03 September 2021
කොරෝනා මරණ 202ක් වාර්තා වෙයි ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනයවීම හේතූවෙන් පුද්ගලයින් 202 දෙනකු ඊයේ මියගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය. 03 September 2021
අසාධ්‍ය කොරෝනා රෝගීන්ට දෙන එන්නත් සමග ඉන්දියානුවෝ දෙදෙනා මාට්ටු ‘කොරෝනා’ ආසාදිතව අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන් සඳහා ලබාදෙනඑන්නත් මිලිග්‍රෑම් 200 බැගින් වන කුප්පු 10 ක් සහ බෙහෙත් පෙති විශාල තොගයක් සමඟ ඉන්දීය ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන එම ඖෂධ තොගය රාජසන්තක කළ බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය. 03 September 2021
අම්මයි තාත්තයි ඉතාලියේ:පුතා සේසතම විකුණා අන්තර් ජාල ක්‍රීඩාවේ අන්තර් ජාල ගේම් වලට ඇබ්බැවි නිවසේ ලක්ෂ ගනනක රන්බඩු හා යතුරු පැදියක් රහසේ විකුණා දමමින් මෙම ක්‍රීඩාවේ නිරත වු සිද්දියක් සම්බන්ධව සැකකාර18 හැවිරිදි සිසුවකු අද දින අත් අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසයි. 03 September 2021
පිටකොටුවේ ආහාර පාලන මිලට රජය සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පිටකොටුව තොග වෙළෙඳ පොළේ බොහෝ වෙළෙඳසල් හිමියන් එම රජයේ මිල ගණන්වලට ඒ ආහාර ද්‍රව්‍ය අද (3) සිටම අලෙවි කරන අයුරු එහි ගිය අපට දක්නට ලැබිණ. 03 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,780ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,780 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 03 September 2021
කොවිඩ් එන්නත් වර්ග සියල්ලෙන්ම හොඳ ප්‍රතිඵල ලැබෙනවා කොවිඩ් මර්දනය සඳහා මෙරට භාවිතා කරන එන්නත් සියල්ල එක සමාන ආරක්ෂාවක් හා ඵලදායීතාවයක් ලබා දෙන බව විශ්වාස කරන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 03 September 2021
’’මේ ගහෙන් වැටුණු මිනිහට ගොනා අනින ආණ්ඩුවක්’’ වර්තමානයේ පවතින්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා අනින පාලනයක් යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 03 September 2021
18ට අඩු දරුවන්ට එන්නත් දීමට තොරතුරු ඉල්ලන අන්තර්ජාල අයදුම්පත බොරුවක් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සදහා වයස අවුරුදු 18 ට අඩු දරුවන්ගේ තොරතුරු ඇතුලත් කරන්නැයි සදහන් කරමින් ඇතැම් සමාජ මාධ්‍යවල ව්‍යාජ අයදුම්පත්‍රයක් පළ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය. 03 September 2021
නිවෙස්වල රඳවා ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළ මුළු දිවයිනටම දැනට බස්නාහිර පළාතේ ක්‍රියාත්මකවන කොවිඩ් රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය මුළු දිවයින පුරා ආරම්භ කිරීම පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 03 September 2021
විදේශිකයන්ගේ වීසා කාලය දීඝ කරයි ශ්‍රී ලංකාවේ දැනට රැඳී සිටින විදේශිකයන්ගේ සියලුම වර්ගයේ වීසා කාලය මේ මස 7 වැනිදා සිට ඔක්තෝබර් මස 7 වැනිදා දක්වා තවත් දින 30 කින් දීර්ඝ කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. 03 September 2021
’’වගකීම් ඉටු නොකළොත් රට දැවැන්ත විනාශයක් කරා ඇදේවි’’ කොවිඩ් පාලනය කිරීම සහ සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 03 September 2021
රිෂාඩ්ට දුරකතනය දුන් ජේලර්ට මාරුවක් රිමාන්ඩ් බන්ධනාගාරගතව මැගසින් බන්ධනාගාරයේ සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට ජංගම දුරකථනය ලබා දී ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ රාජකාරි කරන ජේලර්වරයකු බවට හෙළිවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි. 03 September 2021
සෞඛ්‍ය බලධරයන් චක්‍රලේඛ කඩලා ගර්භනී හා අවුරුද්දට අඩු ළමයින් සිටින රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම නොකරන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම් චක්‍ර චක්‍රලේඛයක් නිකුත් කර තිබියදීත් සෞඛ්‍ය සේවකයින් අදාළ චක්‍රලේඛය කඩමින් සේවයට කැඳවා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ . 03 September 2021
වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර් වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 03 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026