
(නිමන්ති රණසිංහ)
ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ආර්යාවගේ ජීවිතවලට තර්ජනයක් ඇති බවට බුද්ධි අංශ මගින් පූර්ව දැනුම් දීමක් සිදුකර නැතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (01) පැවසීය.
එසේම, ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවස අසල උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පමණක් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබුණද, ඔවුන් පොලු මුගුරු රැගෙන ප්‍රචන්ඩකාරීව හැසිරෙන බවට දැනුම්දීමක් කර නැතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.
මේ අනුව මිරිහාන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේදී බුද්ධි අංශ අසමත්ව (ෆේල්) ඇති හෙයින් එම අංශයන්හි ප්‍රසංස්කරණයක් ද සිදුවිය යුතු බව ද ඔහු පැවසීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේදී සිදුවූයේ මෙහි අනෙක් පැත්ත බවත්, බුද්ධී අංශ තොරතුරු ලබාදී තිබියදී ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීම එහිදී සිදුවූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද (01) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගුලක් කතා කරනවා. බුද්ධි අංශ නෙවේ. සර් ෆේල්... ඔක්කොම ෆේල්.
ආරක්ෂාව ගැන විශාරද කියපු ජනාධිපති කෙනෙක් යටතේ තියෙන බුද්ධි අංශත් ෆේල් නම් ආර්ථිකය ගැන ඔහුගේ දැනුම ඇති... හිතාගත හැකියි...
පාස්කු ප්‍රහාරය තමුන්නැහැලාගේ කණ්ඩායම දැනගෙන හිටියා, ඒ සාපේ තමයි රාජපක්ෂ පවුලට වදින්නේ..., දැන් පාරක බැහැලා යන්න බැහැ. අයියෝ යුද්ධය දිනුුව වීරයාට වැඩි තෘෂ්ණාව නිසා වෙච්ච දේ.
නන්දසේනයි, ඔහේලයි, රාජපක්ෂලායි තමයි කරපු තරමක් ’’ෆේල්’’ වැඩ කළේ. අනුන්ට ඇඟිල්ල දික් කරන්න ලෑස්ති වෙන්න එපා. ගෙදර යන්න ලෑස්ති වෙන්න.
කට ඇරියොත් ජාතික ආරක්ෂාව තහවුරු කර තිබේ... කියන කට්ටිය මොකද මේ ඇඹරෙන්නේ? මේකත් මුස්ලිම් මිනිස්සු පිට දාලා ආයෙමත් මිනිස්සු රවටන්නද හදන්නේ...? දැං ඒ කාලේ ඉවරයි මහත්තයා...
බුද්ධි අංශය විතරක් නම් නුඹලාගේ ඔක්කොමලාම ළමා ගොන් කරත්තයට බැඳෙන්න ඕනේ...!
හමුදාවම දාලා හමුදා වාහන ගිනි තියා ගන්නවා කියලා බුද්ධි අංශ අනතුරු හැඟෙව්වේ නැද්ද?
බුද්දි අංශ පිස්සෝ පස්සේ යන්නේ නැනේ එකයි
රාජපක්ෂලාගේ ඔයයි සේරම fail
අනේ නිකන් යන්න!!! මිනිස්සු ඔක්කොම ආවේ නිරායුධව!!! පොලික් මැරයෝ තමි වතුර සහ කඳුළු ගෑස් ගහල මිනිස්සු කුපිත කරවන්නේ! එකෙන් මිනිස්සු අතට අහුවෙන ගල්මුල් වලින් පොලිස් මැරයෝන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඉතිරිය ඉතිහාසගතයි!!!!
නන්දසේනයා හොදටම ෆේල්.තොපිත් ෆේල්.
බුද්ධි අංශ ගැන කියනා කෙනාගේ පාර්ලිමේන්තුවේ හැසිරීමේ විනය ගැන රටම දන්නවා. ජනාධිපතිතුමාට ජීවිත තර්ජන නැහැ. බැසිල් මහතා ගැන නම් සමහරවිට තියෙනවාද දන්නේ නැහැ. පුදුම වැඩේ කියන්නේ කඩු, පොලු, මුගුරු අරන් එන අයට එන්නට දුන්නේ මොකද දන්නේ නැහැ. ජනතාව සියලු ආකාරයෙන්ම පීඩනයට පත්වෙලා. එම පීඩනය තමයි මේ විරෝධතාවට පැහැදිලි හේතුව...
රාජ්‍ය ආරක්ෂාව හොඳටම කරලා තියෙන්නේ... කෝඳුරුවෙකුටවත් රිංගන්න බැහැ. අන්තවාදීන්ට ආයෙ ඉඩක් නෑ කියපු නන්දිකඩාල් ගත්කතුවරයා අල්ලපු කුඩු බෝට්ටුවත් සමග අතුරුදන් වෙලා වගේ. පැඟිරිවත්ත වටේ හිටපු අය පහුවදා උදේ නිකන් එක දාගන්න විසිට් ගියා...
ඔව්, ඉතින් දේශපාලඥයෝ හැමදාම පාස්... අනික් හැම අංශයක්ම ෆේල්.. ජනතාව ෆේල්... රට අන්තිමට හොඳටම ෆේල්... ඕකමනේ පසුගිය අවුරුදු 74 පුරාවටම සිදුවුණේ...
මෙන්න තවත් කෙනෙක්... කටවිතරයි, මොලයක් නෑ. පුන්නක්කු තමයි කන්න වෙන්නේ.
ජනපතිගේ නිවස ආසන්නයට පැමිණීම මැර, තර්ජන දැනගැනීමට නොහැකිවූයේ රජයේ අසාර්ථකත්වයයි...
හමුදා බස් එකක්වත් ආරක්ෂා කරගන්න බැරිවුණු විරුවා සහ ගෝල පිරිස කොහොමද ජාතික ආරක්ෂාවක් තහවුරු කරන්නේ...?
පම්පෝරි ගැහුවාට කිසිම වැඩක් බෑ... එදා බුද්ධි අංශ පාවාදුන්නා කීවා... අද මොකක්ද මේ වෙලා තියෙන්නේ..? විරුවාට ගියකලක්..
බුද්ධි අංශ විතරක් නෙවෙයි මුළු ආණ්ඩුවම අසමත්... තවත් පම්පෝරි නොගහ ගෙදර යන්න ලෑස්ති වෙයල්ලා...