
(චාපා මධුභාෂිණී)
කන්තලේ අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ගමන් ගත් මෝටර් රථය හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී වැලි පැටවූ ට්‍රිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් ස්ථානාධිපතිවරයා මියගොස් ඇතැයි හබරණ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අංක 37, කැන්දලියද්ද, ජම්බුගහපිටිය ලිපිනයේ පදිංචි දහම්පත් මුදියන්සේලාගේ ගුණතිලක බණ්ඩා දහම්පත් නමැති 48 වැනි වියෙහි පසුවූ පොලිස් පරීක්ෂකවරයාය.
මෙම ස්ථානාධිපතිවරයා නිවාඩු අවසන් කර නැවත සේවයට යමින් සිටියදී අනතුරට මුහුණ පා ඇත.
අනතුර සමග පොලිස් ස්ථානධිපතිවරයා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරික්ෂක ඒන්.පී.ඒස් ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන පොලිස් ස්ථානාධිපති ඩී.ජේ මධුෂංක දිසානායක මහතා ඇතුළු නිළධාරීහු වැඩිදුර පරික්ෂන පවත්වති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදි පැත්තෙන් නේද පදවලා තියෙන්නේ...! නිවැරැදි පැත්තෙන් ආව ටිපර් එකේ හප්පලා... ඒත් පොලිස්කාරයෙක් නිසා පොලිසිය ටිපර් රියදුරන්ට එරෙහිව තදින් ක්‍රියාත්මක වෙයි.
නිවන් සුව සර්... හොඳ මනුස්සයෙක්...!
කණගාටුදායක මරණයක්. ඔහුට නිවන් සුව පතමි.. හානි සිදුවී ඇති ආකාරයට පෙන්නුම් කරන්නේ වාහනය සෑහෙන වේගයකින් ධාවනය වී ඇති බවයි. එහෙමනම් ඔහුට හදිසියේ නින්ද ගියාවත්ද? අධික වේගය මරුවා කැඳවයි.
මෙයා ඇවිල්ලා තියෙන්නේ ඉර පැනලා දකුණු පසින් නේද? ටිපර් එක හරි පැත්තේ ඇත...
තනි ඉරේ ඕවර් ටේක් කරන්න ගිහින් වෙච්චි අනතුරක් වගේ. ටිපර් රියදුරා දැන් නොසිතූ අමාරුවක වැටිලා තියෙන්නේ. කරදර කොයිවෙලේ කොහෙන් එනවද කියන්න බෑ...