
(ඩයනා උදයංගනී)
ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීමට නොහැකි නම් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා හෝ විසඳුම් ගෙන එන ලෙස ජනාධිපතිවරාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
එසේ නොකරන්නේ නම් යළිත් මධ්‍යම කාරක සභාව රැස්වී ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයට එළඹෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය ජනාධිපතිවරයාට යොමු කරන බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ජනාධිපතිවරයාට යොමු කරන අවසන් ලිපිය වනුඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනතාව මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටින බවත් ජනතා ප්‍රශ්න කඩිනමින් නොවිසඳුව හොත් ජනතාවගේ පැත්තේ සිටගෙන ආණ්ඩුවෙන් ඉවත්වීම හැර වෙනත් විකල්පයක් නැති බවත් ප්‍රචාරක ලේකම්වරයා කීය.
ඉදිරි සති කීපය තුළ මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී අද (1) පස්වරුවේ රැස්විය.
රටතුළ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සහ ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසෙන වගේ දේශපාලන ගල් ආඳෙක් තවත් නෑ. ඒත් දැන් ජනතාව මුන්ට රැවටෙන්නේ නෑ ආයෙත්.
දැන් ඔය භාරකාර ආණ්ඩුවේ ඉන්නේ කවුද? මේ රොත්තම නේද? භාරකාර ආණ්ඩුවක් ආවොත් ගෑස්, ඩීසල්, ඩොලර් ලංකාවට තොග ගානෙ එනවද?
භාරකාර ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ඔක්කෝමලා ඉල්ලලා අස්වෙන්න.. එතකොට ජනතාව කැමති කෙනෙක් පත්වේවි...!
භාරකාර ආණ්ඩු වැඩක් නැත. එහෙම කළොත් ඒකෙත් වැඩි වෙන්නේ පරණ ඔලුගෙඩි සෙට් එක. කරුණාකර ආණ්ඩුව විසුරුවා හරින්න. ජනතාව කැමැති කෙනෙකු පත්කරගනීවි...
මේ කට්ටිය එනපොට හොඳ නැතිනිසා වෙන ගේමක් ගහන්න යන්නේ. භාරකාර ආණ්ඩුවකට මේ කට්ටිය ඕන නෑ...!
මේ අවස්ථාවේ ඡන්දයක් තිබ්බොත් මේ ගොල්ලන්ට ඇපත් නැතිවෙනවා. ජවිපය වගේ පක්ෂයක් බලයට ආවොත් මේගොල්ලන්ට හිරේ යන්න වෙනවා. මේ බලන්නේ මේගොල්ලන්ගේ දේවල් ආරක්ෂා කරගන්න මිසක් අපේ ප්‍රශ්න විසඳන්න නොවේ...
කොහෙන් හරි බලේ රැඳෙන්න බලන්නෙ මුන්