අසාද් සාලි සම්බන්ධ නඩු කටයුත්තකට නිතිපති නියෝජනයක් ගන්නැයි නියෝගයක් පාස්කු ඉරිදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සම්බන්ධ නඩු කටයුත්ත වෙනුවෙන් නිතිපති නියෝජනයක් ලබා ගන්නා ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (06) නියෝග කළේය. 06 September 2021
‘‘ඕනෑම නීතියක් පනවා වෙළෙඳ මාෆියාව මර්දනය කරනවා‘‘ ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාවේ අංගයක් වන හෙයින් ඕනෑම නීතියක් පනවා වෙළෙඳ මාෆියාව මර්දනය කර ජනතාව ආරක්ෂා කිරීමට ආණ්ඩුවට වගකීමක් තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 September 2021
‘‘හදිසි නීතිය ගේන්නේ එකම මේසේ කන බොන ජාවාරම්කරුවන් අල්ලන්නයි‘‘ ආණ්ඩුව හදිසි නීති ගේන්න හදන්නේ ඔවුන් සමග එක මේසේ වාඩි වී කන බොන ජාවාරම්කරුවන් පාලනය කිරීම සඳහා යැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 06 September 2021
සැප රිය ගිනි රකුසාට බිලි කුරුණෑගල නාවින්න හන්දියේ සුඛෝපභෝගී ජීප් රථයක් මීට සුළු මොහොතකට පෙර හදිසියේ ගිනි ගැනීමට ඇතැයි පොලිසිය කියයි 06 September 2021
කොරෝනා නීති කැඩූ බස් 80ක බලපත්‍ර නතර කරයි කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගීන් ප්‍රවාහනය කළ බස් රථ 80 ක මාර්ග බලපත්‍ර අත්හිටු වූ බව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම අද (06 වැනිදා) පැවසීය. 06 September 2021
කොරෝනා මරණ 180ක් වාර්තා වෙයි ‘කොවිඩ් 19’ හෙවත් ‘කොරෝනා’ වයිරසය ආසාදනයවීම හේතූවෙන් පුද්ගලයින් 180 දෙනෙකු ඊයෙ (05) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (06) තහවුරු කළේය. 06 September 2021
කෝටි අටක සුදු සීනි සහ සීනි පැනි වත්තලින් අල්ලයි රුපියල් කෝටි 8 කට අධික වටිකමින් යුත් මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි සහ සීනි පැණි තොගයක් සමග පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය අද (06) අත්අඩංගුවට ගැනීමට සමත් විය. 06 September 2021
සුව විරුවන්ට - රණවිරුවන්ට ශක්තියක් වූ වසන්ත කොරොනා වසංගතය සමඟම අප රට වෙනුවෙන්, අප වෙනුවෙන් විශාල මෙහෙවරක යෙදෙන සුව විරුවන් සහ රණවිරුවන් සිය සේවා ස්ථානය කරා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙන පෞද්ගලික බස් රථ හිමිකරුවකු අපට හමුවිය. 06 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,245ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,245 දෙනකු අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 September 2021
ගිලන් වූ ගිලන් රථ සුව කරන්න වැඩ පිළිවෙලක් විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත් කොට තිබෙන ගිලන්රථ කඩිනමින් අලුත්වැඩියා කර සෞඛ්‍ය අමාතාශ්‍යාංශයට ලබාදීමේ වැඩපිළිවෙලක් ප්‍රවාහන අමාත්‍යාංශය ආරම්භ කර ඇත. 06 September 2021
ශ්‍රී ලංකා රේගුව දින 7ට කෝටි 4600ක අපනයන අනුමත කරලා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ අගෝස්තු මස 28 වැනි දා සිට මේ මස 3 වැනිදා දක්වා දින 7 ක කාලය තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 46 ක් හෙවත් රුපියල් කෝටි 4600 ක අපනයන අනුමත කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 06 September 2021
අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද 81කින් සම්මත වෙයි හාල්, පිටි, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කළ හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පිළිබද යෝජනාව වැඩි ඡන්ද 81 කින් පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සම්මත විය. 06 September 2021
රසික හදවත් හඬවා සුනිල් පෙරේරා සමුගෙන යයි ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදුකළ කණ්ඩායම් සංගීතයේ දැවැන්තයකු වූ ’ජිප්සීස්’ සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද(6) පස්වරු 6 ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. 06 September 2021
අභියාචනාධිකරණයෙන් සුරාබදු කොමසාරිස්ට රිට් ආඥාවක් ප්‍රාදේශීය සුරාබදු නිලධාරීන්ගේ සහ දේශපාලන බලධාරීන්ගේ පළිගැනීම හේතුවෙන් තම සුරාබදු සැල් බලපත්‍රය අලුත් නොකිරීම පිළිබදව සුරාබදු සැල් හිමියන් දෙදෙනෙකු ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගනු ලැබූ අභියාචනාධිකරණය ඔවුන්ට නව සුරාබදු බලපත්‍ර නිකුත් කරන ලෙස නියෝග කරමින් සුරාබදු කොමසාරිස්වරයාට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කර ඇත. 06 September 2021
ආණ්ඩුව රටේ තීන්ත ඉවර වෙන තුරු සල්ලි අච්චු ගහනවා ආණ්ඩුව හොඳටම කරන එකම දෙය රටේ තීන්ත ඉවර වෙනතුරු මුදල් අච්චු ගැසීම යැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 September 2021
සබරගමු සමන් දේවාලයේ කප් සිටුවීම 8වැනිදා සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය මෙවර මහජන සහභාගිත්වයකින් තොරව චාරිත්‍රවලට මුල්තැන දෙමින් සියලු අංග ඇතුළත්ව මේ මස 08දා සිට ආරම්භ කරන බව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැවසුවේය. 06 September 2021
‘මේ මොහොතේ කළ යුත්තේ ජන ජීවිත බේරාගැනීමයි’ මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම නොව ජන ජීවිත බේරා ගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (06)පැවසීය. 06 September 2021
සියලු ආර්ථික මධ්‍යස්ථාන ලබන 9 - 10 යළි විවෘතයි දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනින් වෙළෙඳපොළ ලබන 9 සහ 10 දිනවල විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය 06 September 2021
දෙමස්සිනෝ කපා කොටා ගනිති කුරුවිට තෙප්පනාව කලුකැලේ ප්‍රදේශයේ අධික ලෙස බීමත් දෙමස්සිනාලා දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලකින් බරපතල කැපුම්තුවාල ලැබූ ඒක් අයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 06 September 2021
අද ඇත්තේ ආහාර මාෆියාවක් අද රටේ තියෙන්නේ ආහාර හිඟයක් නොව ආහාර මාෆියාවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය. 06 September 2021
මෙහෙකාර දැරිය මියයාමේ සිද්ධියට බදියුදීන් සහ බිරිය 17 තෙක් යළි රිමාන්ඩ් මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනකු ලබන 17 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද 6 නියෝග කළාය. 06 September 2021
ආණ්ඩුව කොරෝනා මර්දනය පසෙක තබා ජනතාව මර්දනය කරනවා ආණ්ඩුව කොරෝනා මර්දනය කරනවා වෙනුවට මිනිසුන් මර්දනය කිරීමට පනත් ගෙනවිත් තිබෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 September 2021
මානව හිමිකම් සංවිධාන පනතේ වගන්ති දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පෞද්ගලික පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය. 06 September 2021
ජිප්සීස් නායක සුනිල් පෙරේරාට ජනපති - අගමැති සොව පළ කරති මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ ප්‍රවීණයකු වූ, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා ගේ හදිසි අභාවය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ෆේස්බුක් නිල ගිණුම් ඔස්සේ සිය සංවේගය පළ කර සිටිති. 06 September 2021
රුසියා - යුක්රේන සංචාරකයින් ගෙන්වීමට වැඩපිළිවෙළක් රුසියාව හා යුක්රේනය සමග සංචාරක ප්‍රවර්ධන කටයුතු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) සිට එම රටවල දී ආරම්භ කරන බවසංචාරක අමාත්‍යාංශය කියා සිටී. 06 September 2021
ඉපනැල්ලේ ගින්නෙන් පොල්වගාවක් සහ කෙසෙල් වගාවක් විනාශයි මින්නේරිය ගිරිතලේ ජනපදය ප්‍රදේශයේ අස්වනු නෙලා අවසන් වූ වෙල්යායක හටගත් ගින්නකින් ඒම ප්‍රදේශයේ පොල් ඉඩමක් සහ ගෙසෙල් වගාවක් විනාශ වී ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 06 September 2021
කූට වෙළෙඳුන්ට දැඩි දඩුවම් දෙන පාරිභෝගික පනත මැතිසබයට සහල්, සීනි සහ වී ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සඳහා රජය විසින් නියම කරනු ලැබ ඇති උපරිම මිල ගණන්වලට වැඩියෙන් අලෙවි කරන වෙළෙඳ සමාගම්වලට සහ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලසෙන පාරිභෝගික කටයුතු අධිකාරිය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) ඉදිරිපත් කළේය. 06 September 2021
එජාපය 75 උපන් දිනය සමරා ආගමික වතාවත්වල එක්සත් ජාතික පක්ෂයට වසර 75 ක් පිරීම නිමිත්තෙන් ආශිර්වාද පළකිරීමේ ආගමික වැඩසටහනක් රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණි. 06 September 2021
පුත්තලම රෝහලේ ගැටුමක්:හතරක් රෝහලේ පුත්තලම මූලික රෝහලේ පී.සී.අර්. පරීක්ෂණයට පැමිණි පිරිසක් හා රෝහල් ආරක්ෂක අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 04 දෙනකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලීසිය කියයි. 06 September 2021
පාර්ලිමේන්තු කටයුතු සභාවට බැසිල් - පොන්නම්බලම් පත්වෙති පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කරන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. ජී පොන්නම්බලම් යන මහත්වරුන් පත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(6) උදේ දැනුම් දුන්නේය. 06 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026