
(තුසිත කුමාර ද සිල්වා)
ජනතා විමුක්ති පෙරමුණ බේරුවල නගරයේ පන්දම් දල්වා අද (01) විරෝධතාවයක නිරත විය .
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රමුඛ දහසකට ආසන්න පිරිසක් බේරුවල ධීවර වරාය අසලින් ආරම්භ කළ විරෝධතා පෙළපාලිය බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ගාලු පාරට පිවිස ගාලු පාර එක් මංතීරුවක් අවහිර කරමින් මෙම පිරිස විරෝධතාවයේ නිරත විය .
ඒ වන විට බේරුවල නගරයේ විදුලි විසන්ධි වී තිබූ අතර පන්දම් ආලෝකයෙන් පිරිස විරෝධතාවට එක්වෙමින් ජනතා පීඩාවට පත්කරන ජනාධිපතිවරයා ඇතුළු රජයට වහාම ඉවත් වන්නැයි ප්‍රකාශ කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි විරෝධතා වලට අපි සහයෝගය දෙමු .
මිනිස්සුන්ට රස්සාවකට යන්න බැහැ. ඉන්ධන නැහැ. බස් නැහැ. කර්මාන්තයක් කරගන්න අමුද්‍රව්‍ය නැහැ. උද්ඝෝෂණය කරනවා හැරෙන්න කරන්න දෙයක් නැහැ.
තැන්තැන්වල හුදෙකලා අරගල කරනවට වඩා හොඳ දේ තමයි ජාතික ජනබලවේගය එක්ක එකතු වෙලා සංවිධානාත්මකව නීතිගරුකව අරගල කරන එක...
ඔය පන්දම්වලට නිකරුණේ පුච්චන්නෙත් ඉන්ධන තමයි.
පක්ෂ, පාට, ජාති භේද අමතක කරලා දමලා..., සියල්ලන්ම කලු හෝ සුදු ඇඳගෙන, කලු කොඩි අරන් කොළඹ එමු.. දෙකෙන් එකක් බේරගන්න..