(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව ප්‍රදේශයේ වඩු කාර් මිකයන් පිරිසක් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවෙස වටකොට ඊයේ (1) සවස ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය වන අවස්ථාවේ නගරාධිපතිවරයා නිවෙසේ නොසිට ඇති අතර ඔහුගේ දරුවන් දෙදෙනා පමණක් නිවෙසේ සිටි ඇත.

ඒ අවස්ථාවේ නගරාධිපතිවරාගේ දරුවන් සහ විරෝධතාකරුවන් අතර දැඩි වචන හුවමාරුවක් සිදුව ඇති අතර ඒ අවස්ථාවේ ද ගල් ප්‍රහාරය එල්ල කර ඇත.

නගරධිපතිවරයාගේ පුතුන් දෙදෙනා ගල් ගැසූ තරුණයන් දෙදෙනකු  නිවෙසතුළට ඇදගෙන ගිය බවත් ඔවුන් දෙනකල්  නැවත නොයන බව උද්ඝොෂකයෝ කියති.

නගරාධිපතිවරයාගේ නිවසෙ වැටලූ උද්ඝෝෂකයෝ ඉතා ආවේගශීලිව හැසිරිම නිසා තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කරලිමර්ධන කණ්ඩායම් කැඳවා ඇති අතර උද්ඝෝෂකයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි.

සිද්දිය සම්බන්දයෙන් මොරටුව පොලිසිය පරික්ෂණ පවත්වයි