(අජන්ත කුමාර අගලකඩ)
යල කන්නයේ වගාව සදහා රසායනික පොහොර ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලිගහ මන්දිරයේ ඊයේ (01)පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඔවුන් මෙම ඉල්ලීම කර ඇත.
රසායනික පොහොර නොමැති වීමෙන් වී වගාව, පමණක් නොව නුවරඑළියේ එළවළු වගාව ,මල් වගාව ආදියට ද බරපතළ ගැටලුවක් මතුවී ඇතැයි ඇමතිවරුන් පෙන්වා දී ඇත.
රසායනික පොහොර නොමැතිවීමෙන් ආණ්ඩුවට ගොවීන්ගෙන් බරපතළ චෝදනාවක් එල්ල වී ඇතැයි පෙන්වා දී ඇති එම මැති ඇමතිවරුන් යල කන්නයේ වගාව සඳහා අවශ්‍ය පොහොර ලබා දීමට වහා පියවර ගන්නැයි ද ඉල්ලීමක් කර ඇත
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මැති ඇමැතිවරු රසායනික පොහොර ගැන ජනපතිට ගතු කියයි
Perera Saturday, 02 April 2022 05:23 PM
GOMA එකේ බත්බැලයෙකුගෙනුයි, ඥාණක්කාගෙනුයි අහලා තමයි හැබැයි මෙයා කරන දේවල් කරන්නේ...!
Lalith M Saturday, 02 April 2022 08:45 PM
දැන් පරක්කු වැඩියි.මොනව කලත් මේ රජයට ජනතා සහය නෑ.එකම ප්‍රශ්නය ඉසිලිය නොහැකි සොරකම.