(නිමන්ති රණසිංහ)

රජයට විරුද්ධ ජනතා රැල්ලක් මතුවී තිබෙන බව යම් යම් හේතු කාරණා නිරික්ෂණයේදී පෙනී යන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද  (01) පැවසීය.

සාධාරණ විරෝධතාවලට කිසිදු ගැටලුවක් නැතත්, පොලු මුගුරු රැගෙන කරනු ලබන විරෝධතා සම්බන්ධයෙන් නිතිමය ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද (01) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි.

මෙම මාධ්‍ය හමුව සදහා ප්‍රවාහන අමාත්‍ය, දිලුම් අමුණුගම, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුද සහභාගී වී සිටියහ.