
(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය මර්ධනයට ලක්වන ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් ඔවුන් වෙනුවෙන් 600ට අධික නීතිඥ මණ්ඩලයක් සූදානම් කර ඇති බවත් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
තම ජීවත්වීමේ අයිතිය ඉල්ලා සිටින ජනතාව ත්‍රස්තවාදය වැළැක්වීම වැනි අණපනත් තුලින් මර්ධනය කිරීමට ආණ්ඩුව දරණ ප්‍රයත්නයට කිසිවිටෙකත් ඉඩ නොතබන බවද විපක්ෂ නායකවරයා කීවේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
රට දිනෙන් දින ප්‍රපාතයටත් අන්ධකාරය ටත් ඇද දැමූ ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා රටේ ජනතාව අරගල කරන බවත්, එම ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ට එරෙහිව ආණ්ඩුව මර්දනය දිගු කරන සෑම මොහොතකම ඊට එරෙහිව විපක්ෂය ලෙස තමන් ජනතාවගේ පැත්තේ හිටගන්නා බවත් විපක්ෂ නායක වරයා එහිදී කීවේය
ජනතාව මොහොතින් මොහොත ජීවත්වීමේ අරගලයක යෙදී සිටියදීත් ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකිරීමෙන් රට අරාජික වී ඇතැයිද ඔහු පැවසීය.
ජනතා බලාපොරොත්තු සුන් කොට රටට අන්ධකාරය ගෙනා දුර්වල අකාර්යක්ෂම ජනතා විරෝධී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී රට කරගෙන යාහැකි කණ්ඩායමකට භාරදිය යුතු බවද ප්‍රේමදාස මහතා පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට පෙනී සිටින අතරේ රාජ්‍ය මර්ධනයට හසුවන සියලු පුරවැසියන්ට පක්ෂ පාට නොසලකා නීතිඥ සහාය නොමිලේ ලබා දීමටත් හයසියකට අධික නීතිඥ පිරිසක් ඒ වෙනුවෙන් සූදානම්ව සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් මේ කලබල ඇති කරන්නේ කවුද කියල පැහැදිලියි නේද? හැබැයි පුතෝ ප්‍රශ්නයට විසඳුම ඔයා නොවෙන බව මතක තියාගන්න. එළුවගෙ පස්සේ යන්න එපා...
ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක කිරීමෙහි අපක්ෂපාතීව විනිශ්චය දෙන ගරු විනිශ්චයකාර උතුමන්ටද ස්වේච්ඡාවෙන්ම යුක්තිය වෙනුවෙන් පෙනීසිටින අපේ ගෞරවනීය නීතිඥ පිරිස වෙත ද මගේ හෘදයාංගම ස්තුතියද මහත් ගෞරවයද සිරස නමා පුදකරමි...!
ඉන්න ජනාධිපතිවරයා යවලා මෙන්න මෙතුමාට පාලනය දෙන්න. මේ ප්‍රශ්න සේරම ඉවරයි. ඩොලර් එයි... නැව්වලින්. ඉන්ධන හල්වල ඉන්ධන උතුරලා පිටට යාවි. අතිරික්ත විදුලිය සිංගප්පූරුවට විකුණන්න පුළුවන්... සුඛිත මුදිත පුරවැසියා රටපුරා උත්සව තියයි. අහෝ...! මාගේ දේශය දිව්‍ය විමානයක් වේවි....!
හරියටම 600ක් පත් කරලා... මාර පුතාණෝ...!
ඔයාගේ සහාය අවශ්‍ය නැහැ. නීතිවේදියෝ නොමිලේම ඉදිරිපත් වෙනවා.
තම මවුබිම අගාධයට යනවා බලාගෙන සතුටුවෙන, තවතවත් අගාධයට ඇදදාන්න මාන බලන මාර පුතාණෝ. ජෙප්පොත් මෙයට සමානයි.
කවුද ඔහේට බුලත් දුන්නේ ? කළ දුටු කළ වල ඉහගන්න නේද හදන්නේ ?
අනුන්ගේ මගුල් ගෙවල්වල බුලත් බෙදනවා කියන එක තමයි මේ කතාවත්....
තවත්නම් මේ රටට දූෂිතයෝ , කුමන්ත්‍රණ කාරයෝ එපා . දෙයන්ගේ නාමෙන් තම තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න . අපිට සැනසිල්ලේ ජීවත් වෙන්න රටක් අවශ්‍යයි .