
(අංජුල මහික වීරරත්න)
මිරිහාන පැඟිරිවත්තේ විරෝධතාවය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව විසින් පහරදී ඇතැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.
පහරකෑමට ලක් වූ පිරිස අතර සමාජ ක්‍රියාකාරිකයන් ද සිටින බව පවසන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එහි දී අත්අඩංගුවට ගත් සෙසු පිරිසට ද පොලිසිය පහර දී තිබෙන බව සඳහන් කරයි.
විරෝධතාවයට සහභාගී වූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මැදිහත් වන්නැයි තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නායකයින්ට වඩා කාලකණ්ණි පොලිසියක් අපිට සිටින්නේ...
ජනමාධ්‍ය නිදහස ඉතා ඉහළින්ම තිබෙන රටක්..!