
(යොහාන් භාසුර)
වර්තමාන කැබිනට් මණ්ඩලය වහාම විසුරුවා හැර කෙටි කාලයක් සඳහා අන්තර් පාලනයක් පිහිටුවිය යුතු බවත් කෙටි කාලීන අන්තර් පාලනයෙන් පසුව මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවත් ආණ්ඩුවේ පක්‍ෂ දහය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (1) පැවසීය.
පක්‍ෂ දහය එකමුතුව හැටියට ජනාධිපතිවරයා පත්කළ අමාත්‍ය මණ්ඩලය වහාම විසුරුවා හැර පාර්ලිමේන්තුව නියෝජනට කරන පක්‍ෂ සමඟ සාකච්ඡා කර අන්තර්කාලීන පාලනයක් පිහිටුවිය යුතු බවත් එම පක්‍ෂ සමඟ එකඟත්වයකින් එම සෑම පක්‍ෂයක්ම නියෝජනය වන ආකාරයට අදහස්වලට ඇහුම්කම් දී, ගරුකළ යුතු බවත් එහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
එම අන්තර්කාලීන පාලනය අර්බුදකාරී තත්වයෙන් රට ගොඩගෙන ස්ථාවර මට්ටමකට පැමිණි පසු හැකි ඉක්මණින් මහ මැතිවරණයක් මේ රටේ පොදු ජනතාවට ලබාදිය යුතු බව කී වීරවංශ මහතා වර්තමාන අර්බුදය හමුවේ කැකෑරෙන මිනිසුන්ට සහනශීලි බලාපොරොත්තුවක් දිය හැක්කේ මෙවැනි ව්‍යවස්ථානුකූල පියවරකින් පමණක් බව ද සඳහන් කළේය.
එසේ නොකර පොඩි පොඩි දේවල්වලින් ජනතාව ආණ්ඩුව කෙරෙහි තියෙන අවිශ්වාසය සහ අප්‍රසාදය වෙනස් කළ නොහැකි බව ද වීරවංශ මහතා වැඩි දුරටත් කීය.
ආණ්ඩුවේ පක්‍ෂ දහයේ නියෝජිතයන්ගේ සභාගිත්වයෙන් එම මාධ්‍ය හමුව බොරැල්ලේ පිහිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී අද (1) පස්වරුවේ පැවැත්විණි.
එම මාධ්‍ය හමුවට විජය ධරණි ජාතික සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ සහ පත්කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඇමතිකමක් නැතුව ඉන්න එක දරාගන්න අමාරුද?
ජනාධිපතිවරයා පත්කළ අමාත්‍ය මණ්ඩලය වහාම විසුරුවා හැර පාර්ලිමේන්තුව නියෝජනයට කරන පක්‍ෂ සමඟ සාකච්ඡා කර අන්තර්කාලීන පාලනයක් පිහිටුවා ඔවුන්ගේ හැකියාවන්ද ජනතාවට අත්විඳින්නට අවස්ථාවක් ලබාදී මෙවැනි අන්තවාදී දේශපාලන කණ්ඩායම්ද දේශපාලනයෙන් ඉවත් කළ යුතුවේ.
බොරු විකාර...!
ආවඩා ආයුබෝවේවා...!
එහෙම එකක් කළත් ඒකෙ වැඩි වෙන්නේ පරණ හොරු සෙට් එක, කරුණාකර අපට කැමැති කෙනෙක් පත්කරගන්න ඉඩදීලා ඔබලා සියල්ල ගෙදර යන්න. ඔබලා සියලු දෙනාම ෆේල්... ඔය කියන බොරු රටේ ජනතාවගෙන් 10%ක් වත් විශ්වාස කරන්නේ නැහැ. අර ඉස්සර ගම්වල සිටි අයත් විශ්වාස කරන්නේ නැහැ. පොහොර නැතිව, කන්න බොන්න නැතිව ඒ අය අමාරුවේ වැටිලා...