’’ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා පදනම් විරහිතයි’’
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ඉහල පෙලේ අංගයට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස, එක්සත් රාජධානිය, පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය,ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ නිලධාරීන් සමග ඉහළ මට්ටමේ ද්වි පාර්ශවික රැස්වීම් කිහිපයක් පසු ගිය (28) වැනි දින සිට පැවැත්විණි.