(අංජුල මහික වීරරත්න)

මහ කන්නයේ දී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව සැපයීමේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පවරා තිබේ.

මහ කන්නයේ වී වගා කටයුතු පිළිබඳව ජාතික ගොවි සමුළුවේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙි බව කීය.

ඒ අනුව මහ කන්නයට අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව සැපයීම සම්බන්ධීකරණය සඳහා ලංකා ඛනිජතෙල් සංස්ථාව විසින් විශේෂ නිලධාරියෙක් පත් කරන බවත්, සියලු දිස්ත්‍රික් ලේකම්වරු විසින් ඊට අවශ්‍ය පියවර ගත යුතු බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

වී වගාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ දී යම් ගැටළුවක් පවතින්නේ නම් ගොවීන් දිස්ත්‍රික් ලේකම්වරයා සමග සාකච්ඡා කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම දැනට භූමිතෙල් පිළිබඳ ගැටළුවක් ඇතත් මෙම මස 20දායින් පසුව එම ගැටළුව විසඳීමට කටයුතු යොදා ඇතැයි ද මෙහිදී සඳහන් කළේය.