පුනර්ජනනීය බලශක්තියට අමාත්‍ය අනුකමිටුවක් වසර 2030 වන විට මෙරට විදුලි උත්පාදනයෙන් සියයට 70 ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් උත්පාදනය කරගැනීමේ රජයේ ඉලක්කය සපුරාගැනිම කඩිනම් කිරීම සහ යෝග්‍ය පියවර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට අමාත්‍යවරු පස් දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය කර තිබේ. 02 March 2022
ඊ.ටී.එෆ්-ඊ.පී.එෆ් අධිබාර පනතින් ඉවතට ? සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු අරමුදල් 13ක් අධිභාර පනත් විධිවිධාන කෙටුම්පතින් ඉවත් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) දැනුම් දුන්නේ ය. 02 March 2022
ජපන් යුද නෞකා දෙකක් කොළඹ වරායට ජපන් ස්වයං ආරක්ෂක සාගරික බලකායේ මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයට අයත් යුද නෞකා දෙකක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. 02 March 2022
කීව් අගනුවර අල්ලන්න ඔන්න මෙන්න රුසියන් හමුදා කීව් අගනුවර අල්ලා ගැනීමට ඔන්න මෙන්න යැයි විදෙස් මාධ්‍ය පවසයි. නගරය වට කළ රුසියන් හමුදා, කීව් අගනුවර වැසියන්ට පවසා ඇත්තේ වහා නගරයෙන් පිටවී යන ලෙසය. 02 March 2022
කොංග්‍රසය අමතමින් පුටින්ට දෙහි කපයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කොංග්රස් මණ්ඩලය ආමන්ත්‍රණය කරමින්, රාජාසන කථාව ඉදිරිපත් කළේය. 02 March 2022
සාමකතාවලට කලින් බෝම්බ ප්‍රහාර නවත්වන්න රුසියානු යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාමකතා පවත්වනවා නම්, යුක්රේනයේ නගරවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම වහා නවත්වන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රුසියාවට පවසා තිබේ. 02 March 2022
යුක්රේන ජනපති යුරෝපා සංගමය හඬවයි රුසියන් ප්‍රහාර දිගින් දිගටම එල්ල වෙද්දී, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, කියෙව් අගනුවර සිට සජීවීව, යුරෝපා සංගමය ඇමැතුවේය. ඒ, වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේ යුරෝපා පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වෙමිනි. 02 March 2022
ඇමෙරිකාවෙන් ලෝක වෙළෙඳපොළට තෙල් ඇමෙරිකා එක්සත් ජනපදය හදිසි උපාය මාර්ගික ක්‍රියා මාර්ගයක් ලෙස ඇමෙරිකාවේ ඛනිජ තෙල් අතිරේක සංචිතයෙන් බොර තෙල් බැරල් මිලියන 30 ලෝක බොරතෙල් වෙළඳපොල වෙත නිදහස් කරන බව නිවේදනය කළේය. 02 March 2022
ලෝක බැංකුවෙන් යුක්රේනයට බිලියන 3 ක් හදිසි ආධාර පැකේජයක් ලෙස ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක් යුක්රේනයට ලබා දීමට ලෝක බැංකුව තීරණය කර තිබේ. 02 March 2022
ඉන්ධන විදුලිබලාගාර 8 ක් කොටඋඩ ජාතික විදුලි පද්ධතියට විදුලිය ජනනය කරන ඉන්ධන විදුලිබලාගාර 10 න් අටක්ම ඉන්ධන නොමැතිවීම නිසා අක්‍රීය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 March 2022
80,000 ක් ආපසු යුක්රේනයට විදේශගතව සිටින යුකරේන වැසියන් 80,000 ක් රුසියන් හමුදා සමඟ හටන් වැදීමට යුක්රේනය බලා යළි පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 02 March 2022
සාම කතා දෙවැනි වාරය අද රුසියානු - යුක්රේන සාම සාකච්ඡා දෙවැනි වටය අද (2) දින පැවැත්වීමට නියමිත බව රුසියානු ටාස් පුවත් සේවය වාර්තා කරයි. 02 March 2022
සෞඛ්‍ය වෘත්තීයවේදී වර්ජනය ඇරඹේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දෙදින සංකේත වැඩ වර්ජනය අද (2) පෙරවරු 8.00 ට ආරම්භ කළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය. 02 March 2022
අධිකරණයෙන් නිදහස් වූ වාසනා ගෙදර යයි අධිකරණ නියෝගයෙන් නිදහස ලැබූ වාසනා ඇත්පැටවා පෙරහරකින් නිවෙසට පැමිණියේය. ඇත් පැටවා පිළිගැනීමට මහා සංඝරත්න ඇතුළු පිරිස නිවෙස ඉදිරිපිට රැඳි සිටියහ. වාසනා හස්තියාගේ හිමිකරු වන දයානන්ද බෝම්බුවල යුවළ පෙරටු කර ගත් පෙලහරකින් හොරණ රැටියල නිවෙසට කැදවාගෙන ආහ. 02 March 2022
විදුලි අර්බුදයට කඩිනම් විසැඳුම් දෙන්න ජනාධිපති පොරොන්දු වෙයි විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 02 March 2022
වගා හානියට වන්දි ලබන සතියේ සිට මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 50,000 බැගින් ලබාදීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 02 March 2022
වරෙන්තු 31ක සැකකරුවකු අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවල දී සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු 31 ක් ලැබ සිටි සැකකරුවකු වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 02 March 2022
කාලගුණයේ වෙනසක් අද නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් පළාත් කිහිපයකට අද (2) රාත්‍රී කාලයේ සිට අනිද්දා (4 )වැනිදා දක්වා තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 March 2022
ආයුර්වේදයෙන් සේවකයන්ට ලක්ෂ26ක වවුචර් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව එම සංස්ථාවේ පනස් වැනි සංවත්සරය නිමිත්තෙන් එහි සේවක සේවිකාවන්ට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව හා කළමනාකරණ සේවා කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ විරෝධතා නොසලකා රුපියල් 26 ලක්ෂයකට ආසන්න වටිනා ත්‍යාග වවුචර පත්‍ර ලබා දී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 02 March 2022
අයියාගේ යතුරු පැදියෙන් මල්ලී අවසන් ගමන් යයි ත්‍රිකුණාමලය ඕර්ස්හිල් ප්‍රදේශයේදි අද (01) සිදු වු යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ත්‍රිකුණාමල මුලස්ථාන පොලිසිය පවසයි. 01 March 2022
ලංකාව දැන් කොටි ත්රස්තවාදයට වඩා භයානක අර්බුදයක ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින අර්බුදය කොටි ත්රස්තවාදයට වඩා භයානක බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 01 March 2022
තවත් කොරෝනා මරණ 22 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 March 2022
ප්‍රෙට්ල් ෂෙඩ්වලට විශේෂ ආරක්ෂාවක් රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම් හල් අසල මහජනයා ඒකරාශිවීමෙන් ඇති වන කළහාකාරී සිදුවීම් වළක්වා ගැනීම සදහා ඉන්ධන පිරවුම් හල් අසල විශේෂ ආරක්ෂිත ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා ඉකුත් (28) විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. 01 March 2022
මහජන උපයෝගිතා කොමිසම ඩොලර් ගන්න උසාවි යයි විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ලබානොදෙන පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහජන උපයෝගිතා කොමිසම මේ වන විටත් තීරණය කර ඇති බවත් ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ අදාල පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පැවසීය. 01 March 2022
කොහිවෙද අන්මගක් මේ මග හැර අපට? රිදිමාලියද්ද වරාපිටියේ ගම්වාසීන්ට බීමට වතුර සොයා ඈත ගම්මානවලට යෑමට සිදුව තිබේ. ජලය රැගෙන එන්න ප්‍රවාහන පහසුකම් නැති නිසා ගොන් කරත්තයක් ගෙන උපයෝගී කර ගන්නා අතර ගොන්නු නැති නිසා ඊට හොඳ ශක්තිමත් දෙදෙනකු තෝරා ගෙන ඇත. 01 March 2022
පැය හතහමාරක් හෙට ලයිට් නෑ පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 01 March 2022
මානව හිමිකම් රැකගන්න ලංකාවේ ක්‍රියාමාර්ග රැසක් අරන් තියෙනවා ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කරගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරීව සහභාගී වන රටක් විදිහට අපි ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා යැයි විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මානව හිමිකම් කවුන්සිලය අමතමින් අද (1) පැවැසීය. 01 March 2022
හොර සිවුරු පොරවා ගත් පිරිසගෙන් ශාසනය රැකගන්න මහනාහිමිවරු ඉදිරිපත් වියයුතුයි සිවුරු පොරවා ගත් ශ්‍රමණ වෙිශධාරීන්ගෙන් ශාසනය පිරී පවතින බැවින් ශාසනය රැකගැනීම සඳහා මහනාහිමිවරුන් වහා ඉදිරිපත් විය යුතුව ඇතැයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ. 01 March 2022
පස්ස පැත්තේ රත්රන් හංගා පනින්න හැදූ ඉන්දියානුවෝ මාට්ටු රත්රන් තොගයක් කටුනායක ගුවන් තොටුපළ තුළ හුවමාරු කරමින් සිටි ඉන්දීය ජාතික ගුවන් මගීහු දෙදෙනෙක් ඉකුත් 28 දින අලුයම , කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආවේක්ෂණ රාජකාරී වල නිරත සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. 01 March 2022
යුක්රේනයේ ඉන්දීය සිසුවෙක් මරුට රුසියන් හමුදා යුක්රේනයේ කාර්කිව් නුවර ඉලක්ක කර ගනිමින් එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය ශිෂ්‍යයකු මියගොස් ඇතැයි ඉන්දීය විදේශ අමත්‍යාංශය පවසයි. 01 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026