ත්‍රස්තපනත නිසා එතෙර සහාය නැති වේවි ත්‍රස්තවාදය වැළැක්වීමේ වෙනුවට නව පනතක් ගෙනඑන තුරු දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක නොකරන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වී ඇති බවත්, එම පොරොන්දුව කඩකිරීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහය ලබාගැනීමේ ක්‍රියාවලියට බාධාවක් විය හැකි බවත් ශ්‍රී ලංකා පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (24) පැවසීය. 24 August 2022
රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම යළි ඇරඹේ රුසියාව වෙත යවන තැපැල් භාණ්ඩ හෙට (25) සිට නැවත තැපැල් කාර්යාල භාරගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය. 24 August 2022
අයි.එම්.එෆ් නියෝජිතයෝ ජනපති හමු වෙති ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (24) පස්වරුවේ පැවැත්විණි. 24 August 2022
පාසල අසල වල්අලි කැරකෙති:පාසල වසා දමති වල් අලි රංචුවක් කඩා වැදීම නිසා ගල්ගමුව අතරගල්ල කනිටු විදුහල අද වසා දමා සිසුන් නිවෙස්වලට යැවීමට කටයුතු කළ බව විදුහල්පති ඩබ්ලිව්. එම්. අනුර වන්නිනායක මහතා කටයුතු කළේය. 24 August 2022
වගා හානි සත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවතට ශ්‍රී ලංකාවේ වගා හානි සිදු කරන වනසත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය. 24 August 2022
දුරකතන බාර දෙනතෙක් සනත්,මිලාන්,ඩෑන් රඳවා ගනී අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට පහර දී මේ සිද්ධිවලට අදාල සැකකරුවන් වන සනත් නිශාන්ත සහ මිලානි ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහ ඩෑන් ප්‍රියසාද් යන අයගේ ජංගම දුරකථන පොලිස් භාරයට ලබාදෙන තෙක් ඔවුන් රඳවා තබා තබාගන්නා ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 24 August 2022
අඩු ආදායම්ලාභීන්ට දුන් නිවාස 22,000කට ඔප්පු නෑ රජය මගින් ලබාදුන් අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිවල නිවාසලාභීන් 22,308 කට මෙතෙක් හිමිකම් ඔප්පු ලබා දී නැතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 24 August 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ආසියානු ක්‍රිකට් කිරුළ සොයා යයි එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 27 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම අද (24) පස්වරුවේ ඩුබායි බලා පිටත්ව ගියේය. 24 August 2022
වලල්ලාවිට වනජීවී කාර්යාලය පමාවීමෙන් සත්ව ජීවිත අනතුරේ ඉහළ ජෛව විවිධත්වයක් පවතින අතිශය සංවේදී පරිසර පද්ධතියකින් වන කළුතර, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටුවීමට සැලසුම් කළ වනජීවී කාර්යාලය පමාවීම හේතුවෙන් එහි වෙසෙන දුර්ලභ සතුන්ගේ ජීවිත ආරක්ෂාවට දැඩි තර්ජන එල්ල වී ඇතැයි පරිසර සංවිධාන පවසයි. 24 August 2022
ජනතා පීඩනය ආණ්ඩුවට ත්රස්තවාදයක් වෙලා ජනතා පීඩනය ආණ්ඩුවට ත්රස්තවාදයක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 24 August 2022
ඉන්ධන ටැංකි-ඩොලර්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි නිෂ්පාදන කර්මාන්ත ශාලා සඳහා ටැංකි රථ ලෙස සහ ආයතනවලට ඩොලර්වලින් ගෙවීම සඳහා ඉන්ධන ලබාදීම ලංකා ඛනිජ තෙල් සංස්ථාව තාවකාලිකව අත්හිටුවූ බව එහි උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට අද (24) පැවසීය. 24 August 2022
පාර්ලිමේන්තුවට අලුත් කමිටු තුනක් ජනාධිපතිවරයා ගේ යෝජනාවක් අනුව තවත් පාර්ලිමේන්තු ස්ථාවර කාරක සභා තුනක් පිහිටුවීමට අපේක්ෂා කරන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ට අද (24) දැනුම් දුන්නේය. 24 August 2022
තායිලන්ත අගමැතිගේ ධුරය අත්හිටුවයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය අත් හිටුවීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අද (24) තීරණය කළේය. 24 August 2022
කෘෂි ඇමති ඛනිජ තෙල් සංස්ථාවේ පදිංචියට යන්න සූදානමක් කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබුණ හොත් ඛනිජ තෙල් සංස්ථාවට ගොස් ඉන්ධන ලැබෙන තුරු එහි පදිංචි වීමට තමාට සිදුවන බව කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 24 August 2022
නිවාඩු ලබා රට රැකියාවට යන අයට කොන්දේසියක් රජ්‍ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගතවිමෙන් පසුව අනිවාර්යෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවීම අනිවාර්ය යැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ. 24 August 2022
දයාසිරි වැඩි කාලයක් ඉල්ලයි ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනාට පාර්ලිමේන්තුවේ කතා කිරීම සඳහා ලබාදී ඇති කාලය ප්‍රමාණවත් නැති හෙයින් වැඩි කාල වේලාවක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය. 24 August 2022
අය වැය ගැන මහ බැංකු අධිපතිගෙන් මන්ත්‍රීවරුන්ට දෙසුමක් අතුරු අයවැය සහ රටේ මුදල් තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී ලබන 30 වැනිදා සවස විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය. 24 August 2022
කෝප්, කෝපා පත්කිරීම් ගැන පොහොට්ටු ලේකම්ගෙන් විරෝධයක් කෝප් සහ කෝපා කමිටු සභාපති තනතුරුවලට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පිටින් මන්ත්‍රීවරුන් පත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී දැඩි විරෝධය පළ කර ඇත. 24 August 2022
අහුංගල්ලෙත් වෙඩි තැබීමක්:අයෙක් තුවාල ලබයි අහුන්ගල්ල -ඌරගහ මාර්ගයේ අහුන්ගල්ලේදී අද(24)දහවල් සිදුවූ වෙඩි තැබීමකින් යතුරු පැදිකරුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. 24 August 2022
ගම්පහ වෙඩි තැබීමකින් අයෙක් මරුට ගම්පහ උඩුගම්පල බටපොත ප්‍රදේශයදී මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි 24 August 2022
ගෝඨාගේ මිරිහාන නිවසට දැඩි ආරක්ෂාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන තිබේ. 24 August 2022
ජනපතිගෙන් ධීවර ඇමතිට පොරොන්දුවක් භූමිතෙල් ඇතුළු ඉන්ධන වෙනුවෙන් ධීවර ජනතාවට සහනාධාරයක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට පොරොන්දුවී ඇත. 24 August 2022
පොහොර යෙදීම ගැන බතලගොඩ පර්යේෂණ සාර්ථකයි වී වගාව සඳහා සියයට 70 සහ සියයට 30 ප්‍රතිශතයට රසායනික පොහොර හා කාබනික පොහොර යෙදීමේ බතලගොඩ වී පර්යේෂණායතනය මගින් සිදු කළ පර්යේෂණ සාර්ථක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසීය. 24 August 2022
රන්ජන්ට සමාව දීම ගැන ජනපතිගෙන් සහතිකයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදීමේ ලිපි ලේඛන වලට වැඩි ප්‍රමාදයකින් තොරව අත්සන් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහතික වූ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 24 August 2022
’’තවම දුවන්නේ පරණ බස් එක’’ ආණ්ඩුව පරණ බස් එක ම ඉදිරියට අරගෙන යන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය 24 August 2022
පාළුකඩවල වැවට එන අලින්ට නරඹන්නන්ගෙන් කරදර ගල්ගමුව ,පාළුකඩවල වැවට එන අලි ඇතුන් නැරැඹීමට එන අය තමන්ගේ යාන වාහන සතුන් අසළමට පැදවීම නිසා සතුන්ට හිංසනයන් මෙන්ම ජීවිත තර්ජනයක් ද පවතින බව ප්රදේශවාසිහු කියති. 24 August 2022
අධිවේගී අනතුරින් කොරියන් භාෂා ගුරුවරිය මරුට කොරියන් භාෂා ගුරුවරියක් ගමන්ගත් සුඛෝපභෝගී ජීප් රථයක් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 16 දශම 1 සපුගස්කන්ද ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රීෙය් ටයිල් පැටවූ ලොරියක ගැටීමෙන් ගුරුවරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අතුරුගිරිය රථවාහන පාලක මධ්‍යස්ථානය සඳහන් කරයි 24 August 2022
අද කාලගුණ තත්වය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 August 2022
අඹගෙඩි තුනයි මල් මාලයයි ලක්ෂ 10ට වෙන්දෙසි වෙයි වවුනියාව ගනේෂපුරම් ශ්‍රී සිත්තිවිනායගර් කෝවිලේ පැවති තිරුවිලා දේව මෙහෙය උත්සව අවස්ථාව අතරතුරදී පැවති වෙන්දේසියකදී අඹ ගෙඩි තුනක් හා මල් මාලයක් රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වු බව කෝවිල් පාලක සභාව පවසයි. 24 August 2022
වෑන් - ත්‍රිරෝද ගැටී දෙකක් මරුට:අයෙක් රෝහලට දොඩංගොඩ මලබඩ ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි දොඩංගොඩ පොලිසිය පවසයි. 24 August 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026