(මුදිතා දයානන්ද)
වැඩි මිල දර්ශකයක් ඉදිරිපත් කර අඩු මිල දර්ශකයක් යටතේ වන ගල්අඟුරු මෙට්‍රික් ටෝන් 6,300,000ක් ලක්විජය බලාගාරයට දීර්ඝකාලීන ප්‍රසම්පාදන යටතේ ආනයනය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.
එම විගණන වාර්තාවට අනුව මෙම ගල්අඟුරු තොග ගෙන්වා තිබෙන්නේ රුසියානු කලාපයෙනි. එම කලාපයේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකා ඩොලර් 179.55ක් ලෙස දක්වා ඇති අතර අදාල සමාගම ඉදිරිපත් කර ඇත්තේ ටොන් එකක් ඩොලර් 284.84ක් වශයෙනි.
මෙම මිල ගණන් අතර පරතරය අවම කර ගැනීම සඳහා අදාල සමාගම සමග සකච්ඡා කිරීමට හැකියාව තිබියදී ඒ සඳහා උත්සාහයක්වත් ගෙන නැතැයි ද විගණන වාර්තාවේ සඳහන් වේ.
රුසියානු හා ඉන්දුනීසියානු කලාපයේ ගල් අඟුරුවල මිල දර්ශකය ඉතා පහළ අගයක් ගන්නා අතර ඕස්ට්‍රෙිලියා මිල දර්ශකය පවතින්නේ ඉතා ඉහළ අගයක බව ද එම ගල්අඟුරු තොග ගෙන්වා තිබෙන්නේ එම ඉහළ අගයක් ගන්නා මිල දර්ශක අනුව බව ද එම වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හොයා ගත්තට කාටවත් මුකුත් සිදු නොවේ. බදියුදින් කැලේ වැව්වාද? නැත වැඩි මිල බෙහෙත් ගෙන්වු රාජිත මූලික නිලධාරි නඩයෙන් අයකරගත්තාද? නැත මෙතෙක් අසුවූ කිසිම හොරකමකට දඩුවම් නැක. අසුනොවූ ඒවා ගැන කවර කතාද?
ලංකාවේ විගණනය කියන්නේ විහිලුවක්ද?මේ කෙරෙන සෑම දූෂණ ක්රියාවලියකටම ආපසු ගෙවන්නේ කවුද?
හැම වැඩකින්ම ගැහිල්ල තමා .කවදාවත් ගොඩ යාමක් නැහැ
හොරුන් අල්ලා දඬුවම් දීමක් සිදුනොවන බැවින් හොරකම් ඉතා යහතින් දිගින් දිගටම සිදුවේ...
රටම බංකොළොත් කරපු නන්දසේන සහ නඩයට නඩු දැම්මද? හැමදාම පරීක්ෂණ විතරයි. ඕවා ඔප්පු කරලා දඬුවම් දෙන්න බෑ.
මේ ගනුදෙනුව සිදුවී ඇත්තේ මොන කාලසීමාවේදීද කියලා සඳහන් කළොත් කවුද හොරු කියලා හොයාගන්න පුළුවන්...!
උල තියමු...!
යහපාලන ආණ්ඩුව ආවා .හොරු අල්ලනවා කියලා .වැඩක් උනාද. උනුත් හොරු දැන් ඉන්න උනුත් හොරු. පට්ට හොරු, දූෂිතයෝ රකින්ඩ පිං ජනපති කෙනෙකුත් ඉන්නවා .
මෙ රටෙ මෝඩ මිනිසු ඉන්න කල් මෙව අහ අහ බල බල ඉදීවි, මෙව නිකන් ටෙලි නාට්ටයක් බලනව වගේ හැම ඩාම අහනව බලනව. මෙවට කවුරුවත් මොකුත් කරන්නෙ නෑ ඒ්ව මිනිස්සු විසින් ම කරන්න වැඩ පිලි වෙලක් හදා ගන්න ඔන, හරක් වගේ ඉන්නෙ නැතුව. ඔය ගසා කාපු එවුන් ඉන්නෙ ලංකාවෙ , ඉන්න තැන් හොයා ගන්න එක මහ ලොකු දෙයක් ද?
නොදකින් හොර හැත්ත..!
මහා එකාට කොන්දක් නෑ. බොරු කයිය විතරයි. වටේ අය ඊට වඩා කම්බ හොරු...
මේවා හරියට කාලෙන් කාලෙට ඉන්දියාවෙන් එන හින්දි මෙගා නාට්‍ය වගේ. කාලයක් ඇදගෙන ගිහින් මිනිස්සුන්ව මුලා කරලා දන්නෙම නැතුව ඉවර වෙනවා