මැටරඹ කපුවාට එරෙහිව විරෝධයක් ළමා අපයොජන කිරිම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින උණවටුන මැටරඹ දේවාලයේ බටගොඩගේ කිර්ති කුමාර කපුවාට දඬුවම් ඉල්ලා සර්ව ආගමික නායකයෝ සහ සමාජ ක්රයාකාරීහු ගාල්ල අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වූහ. 23 August 2022
පාසල් සිසුන්ට චීනයෙන් රෙදි මෙරට පාසල් සිසුන්ට 2023 වසර සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදිවලින් කොටසක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමට චීන රජය එකඟ වී ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 23 August 2022
ලබන වසරේදී නව බලාපොරොත්තු සහිත අයවැයක් ලබන වසර වෙනුවෙන් වෙනස්කම් හා නව බලාපොරොත්තු සහිත අයවැයක් ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 23 August 2022
රට කජු ඕසෙට කන්න ලැබෙන ළකුණු රටකජු වලින් ලංකාව ස්වයංපෝෂිත වී ඇති අතර ’’ජම්බෝ පීනට්ස්’’සැකසීම සඳහා අවශ්‍ය වන කජු ප්රභේදයවත් මින්පසු ආනයනය කරන්නට අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 23 August 2022
තරුණයකුට සුද්දයක් දැමූ පොලිසියේ හතරක් මාට්ටු කොට්ටාව විද්‍යාල හංදියේදී තරුණයකුගේ ගෙළ බැඳි රන් මාලය සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනය කොල්ලකෑවැයි මාලබේ පොලිසියට අනුයුක්ත පොලිසියේ සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියයි. 23 August 2022
සතොස අත්‍යවශ්‍ය ආහාර 5ක මිල පහළට ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහක මිල අද (23) සිට වහාම අඩු කළ බව ලංකා සතොස උසස් නිලධාරියකු පැවසීය. 23 August 2022
සහල් වංචා කළ අයකු ගිනි අවි සමග මාට්ටු සහල් නිෂ්පාදකයන්ගෙන් සහල් ලබාගෙන අගරු චෙක්පත් දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කර සැකකරුවකු මිනුවන්ගොඩ කෙසෙල් කොටුව ප්‍රදේශයේ දී ගිනි අවි තුනක් ඇතුළු භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 23 August 2022
විදුලියෙන් දුවන බස්රථ ත්‍රීරෝද රථ මහපාරට විදුලියෙන් දුවන බස්රථ සහ ත්‍රීරෝද රථ මාර්ගයට යොමු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ. 23 August 2022
විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර්ට වරෙන්තු පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයක දී ගැටුම්කාරී තත්ත්වයක් මෙහෙය වූවායැයි කියන සිද්ධියේ සැකකරුවෙකු වන විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මහතා අද (23) වරෙන්තු නිකුත් කළේය. 23 August 2022
කබ්රාල්ට එරෙහි නඩුව නොවැම්බර්වලට කල් යයි ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි නඩුවේ සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ලබන මස නොවැම්බර් මාස (11) වැනිදා තෙක් එම නඩුව කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (23) නියෝග කළේය. 23 August 2022
සපුගස්කන්ද පිරිපහදුවෙන් භූමිතෙල් ලීටර ලක්ෂ 10ක් නිකුත් කරයි සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් පසුගිය දින දෙක තුළ භූමිතෙල් ලීටර ලක්ෂ 10 ක් පමණ නිකුත් කළ බවත් එම භූමිතෙල් රටපුරා බෙදාහරිමින් ඇති බවත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරියකු පැවසීය. 23 August 2022
ගෝඨා ගැන මානව කොමිසමෙන් රජයට නිර්දේශයක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දිවයිනට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර ඇත. 23 August 2022
ආහාර හිඟ රටවල් අතරින් ලංකාව 5වැනි තැනට ලෝකයේ ඉහළ ආහාර කාණ්ඩයේ උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළේය. 23 August 2022
“සමුපකාර ව්‍යාපාරය මරන්න එපා” සෑම පළාත් සභාවකම තොරතුරු අනුව සමූපකාර ව්‍යාපාරය මැරීගෙන යන ව්‍යාපාරයක් යැයි සාක්ෂිවලින් ඔප්පු වී ඇති බවත් ග්‍රාමීය සාමාජිකත්වය දරණ සමූපකාරවලට රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය දියයුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 23 August 2022
විද්‍යා පීඨ සිසුන්ට ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි පුහුණුව ලබන ශික්ෂණලාභීන් සඳහා සහන පොලී පදනමක් යටතේ ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක් ඇතිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 23 August 2022
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ වර්ග 3ට ඉහළ ඉල්ලුමක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මෑතකදී දේශීය වෙළෙඳපොලට හඳුන්වා දුන් ලෙවතිරොෂින් 50, ඔමපරෂෝල් 20 සහ මෙෆනමික් ඇසිඩ් 500 යන ඖෂධ වර්ග තුනට ඉහළ ඉල්ලුමක් ඇති බව එම සංස්ථාවේ උසස් නිලධාරියක් පැවසීය. 23 August 2022
අගමැති කාර්යාලයේ බඩු සොරාගත් අයෙක් මාට්ටු අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු එහි දේපළවලට පහරදී පහරදී අලාභානි සිදු කර දේපල සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 23 August 2022
ප්‍රදේශ කීපයකට තද සුළං සහ අකුණු අනතුරු බස්නාහිර, සබරගමුව පළාත්වලත්, කුරුණෑගල,මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 August 2022
පොලීසිය අරලියගහ මන්දිරයේ තොරතුරු ඉල්ලයි අරගලකරුවන් අතර සිටි ප්‍රචණ්ඩකාරීන් විසින් කොළඹ අරලියගහ මන්දිරයේ විනාශ කරන ලද දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පොලිසිය පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාට දැනුම්දී ඇත. 23 August 2022
කාලගුණ අනාවැකිය වැරැදිලා ජංජාලයක් වැරැදි කාලගුණ අනාවැකි නිකුත් කිරීම හේතුවෙන් හංගේරියාවේ, ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන් වහා ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා දමා ඇත. 23 August 2022
අපේ සේලයින් යුරෝපා වෙළෙඳ පොළට රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ව සහතිකය ලබා ගනිමින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටී . 22 August 2022
ඩොලර් පෙන්නා අගරු චෙක් දුන් අධ්යක්ෂවරු දෙකක් රිමාන්ඩ් ඇමරිකානු ඩොලර් ලබා දෙන බව පවසා රුපියල් කෝටි පහ හමාරක මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරුන් දෙදෙනකු ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළේය. 22 August 2022
දෙවටේ රෙදි කඩයක් ගිනි රකුසාට බිලි ගාල්ල දෙවට නගරයේ අද රාත්‍රි හටගත් ගින්නකින් වෙළඳසල් දෙකකට බර පතල හානි සිදුව ඇතැයි වරාය පොලිසිය පවසයි. 22 August 2022
චීන මිතුරා පිටව යයි හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබූ යුවාන් වැන්ග් 5 චීන ගවේශන නෞකාව (22) පස්වරු වේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායෙන් පිටත්ව ගියේය. 22 August 2022
පිළියන්දල කලබල කළ ශ්‍රීලනීප ප්‍රා මන්ත්‍රි අල්ලයි පිළියන්දල පොලිස් වසම තුළ දී ඉකුත් මැයි නම වෙනි දින කලහාකාරී සිද්ධීන් 6කට සම්බන්ධව සිටි බවට විමර්ශනවලදී අනාවරණය වූ කැස්බෑව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය සඳහන් කරයි 22 August 2022
ලංකාවේ ප්රජාතන්ත්රවාදය ක්‍රමක්‍රමයෙන් විනාශ කරනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ක්‍රමක්‍රමයෙන් විනාශ කර දමන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය. 22 August 2022
පියත් නිකේෂල රිමාන්ඩ් අරගලය පැවැති ජුලි 13 වැනිදා කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අයුතු ලෙසින් ඇතුලු වූයේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළේය. 22 August 2022
චමින්ද කැලුම්ප්‍රියට ඇප ජාතික රූපවාහිණී සංස්ථාවට කඩා වැදී මධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කර බියගන්වා සජීවි රූපවාහිණී වැඩසටහනකට සම්බන්ධවීමේ සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ නමැත්තා රුපියල් ලක්ෂ එකහාමාරක මුදල් සහ රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (22) නියෝග කළේය. 22 August 2022
රටේ මූලික ප්‍රශ්න විසඳීමට ජනපති සමත් වුණා ගෑස් සහ ඉන්ධන ප්රශ්නය විසඳා රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න වලට කඩිනම් විසඳුමක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වූ බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ දී අද (22) පැවසීය. 22 August 2022
අඩු ආදායම් ලාභී පවුල්, ධීවර සහ වතු පිරිස් සඳහා භූමිතෙල් සහනාධාර භූමි තෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වතු ආශ්රිත පිරිස් සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි. 22 August 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026