ඊපීඩීපී මන්ත්‍රී තරුණයන්ට පහරදීලා ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී (ඊපීඩිපී) පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තුමන්ත්රීවරයකු ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් වවුනියාව ,වෛරවපුලියංකුලම යං ස්ටාර් ක්‍රීඩාංගනය අසලදී තරුණයින් පිරිසකට පහරදීමත් සමඟ එම තරුණයින් හා මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් අතර දැඩි නොසන්සුන්කාරී තත්වයක් උද්ගතවූ බව ප්‍රදේශවාසීහු පවසති. 27 February 2022
බොරතෙල් මිල චුට්ටක් අඩු වෙයි ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ සුළු පහළ බැසීමක් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. ඩොලර් 94.70 කට පැවැති බොරතෙල් බැරලයක් දින හතරක් ඇතුළත ඩොලර් 106 කට ආසන්න වූ අතර ඊයේ මාධ්‍ය රාත්‍රී වන විට බොරතෙල් බැරලයක් ඩොලර් 102 ක් දක්වා පහත වැටී තිබුණි. 27 February 2022
විදේශකයන්ට අලුත් මාර්ගෝපදේශ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයන්ට පීසීආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්වීම අවශ්‍ය නොවන බවට සඳහන් අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. 27 February 2022
රජරට සේවයේ නැති වූ රෙකෝඩරය යළි ගෙනත් දමයි ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ පාලන මැදිරිය තුල සුරක්ෂිතව තබා තිබියදී සොරා ගන් ලද වෙළෙද පොළේ මිළ අධික වටිනාකමකින් යුත් මරාන්ට්ස් වර්ගයේ ජංගම පටිගත කිරීමේ යන්ත්‍රය (ෆෝටබල් රෙකෝඩර්) සොරා ගත් යම් පුද්ගලයකු යළිත් එය ෂූක්ෂමව රජරට සේවා පරිශ්‍රයට ගෙනවිත් දමා ගොස් ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියයි. 27 February 2022
මේ රටේ කන්න නැති මිනිස්සු නෑ ජනතාවට කන්න නැති තත්වයක් රටේ නැතැයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 27 February 2022
යුක්රේනයට රටවල් රැසකින් යුද ආධාර කියෙව් නගරය රුසියානු හමුදාවන්ගෙන් සාර්ථකව ආරක්ෂා කරගැනීම සඳහා මේ වන විට රටවල් රැසක් යුද ආධාර දීමට ඉදිරිපත් වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. 27 February 2022
බාබකියු උඳුනෙන් සීතල තැප්ප යුවළ මිය ගිහින් කුරුණෑගල ගොකරැල්ලේ සිට නුවරඑලියයේ සංචාරකයක් සදහා පැමිණි නඩයක අඹුසැමි යුවළක් ඔවුන් නවාතැන් ගත් හෝටලයේ කාමරය තුළ මියගොස් සිටියදි සොයාගත් බව නුවරඑලිය පොලිසිය පවසයි. 27 February 2022
යුක්රේනුවන් රට රකින්න මාරාන්තික සටනක රුසියානු හමුදා කියෙව් නගරය වට කර තිබුණත් යුක්රේන හමුදාව තම ජනතාව සමග එකතු වී කියෙව් අගනුවර සාර්ථකව ආරක්ෂා කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි. 27 February 2022
දකුණේ පළාත් ආයතන දෙකක මුල් පුටු හිස් හම්බන්තොට මහ නගර සභාවේ සහ හික්කඩුව නගර සභාවේ නගරාධිපතිවරුන්ගේ පුරප්පාඩු පවතින බව දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා පවසයි. 27 February 2022
දුම්රියයේ ගටී තරුණයෙක් මරුට:කළු ගඟේ මළ සිරුරක් කොළඹ කොටුව සිට ගාල්ල බලා ගමන් ගත් රාත්‍රි තැපල් දුම්රියේ කළුතර උතුර ප්‍රදේශයේ දී පුද්ගලයකු ගැටී මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි . 27 February 2022
පළාත් කිපයකට තද වැසි ප්‍රදේශ රැසකට අද (27) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 February 2022
පැලෙන් වැටි ගොවියා මරුට කැබිතිගොල්ලෑව ඉඳිගොල්ලැවේ හේනක භෝග අලින්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා රූස්ස ගසක් මත ඉදි කර තිබූ පැලකින් ඇදවැටුණු දෙදෙරු පියකු මියගොස් ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය කියයි. 26 February 2022
ප්‍රංශය රුසියන් බඩු නැවක් අත්අඩංගුවට ගනී රුසියානු හමුදා යුක්රේනයට පහරදීම නිසා පනවන ලද යුරෝපා සංගමයේ සම්බාධක උල්ලංඝනය කළ බවට සැක කෙරෙන රුසියානු භාණ්ඩ නැවක් අතලාන්තික් මුහුදේ ප්‍රංශය සහ එංගලන්තය වෙන් කෙරෙන මුහුදු සීමාවේදී ප්‍රංශ බලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 26 February 2022
එන්නත සම්පූර්ණ නම් එක්සත් එමීර් යන්න පී.සී.ආර්. නෑ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන සම්පූර්ණ එන්නත්කරණය වූ ලාංකික ගුවන් මගීන්ට,පිටත්වීමට පෙර පී.සී.ආර්.පරීක්ෂණ අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි. 26 February 2022
කොරෝනා මරණ අලුතින් 24ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 24 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. 26 February 2022
ලැබී ඇති නිදහස වැරදි ආකාරයට පාවිච්චි කරන්න එපා තම පාලනය යටතේ ලැබී ඇති නිදහස වැරදි ආකාරයට පාවිච්චි නොකරන්නැයි සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඹිලිපිටියේදී අද පැවසීය . 26 February 2022
බගවන්තලාවට අයිස් කැට වැටෙයි බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද දින පස්වරුවේ අයිස් වැස්සක් පතිත වි ඇත. 26 February 2022
වැඩ කරන කාලය වැඩි කර දවසක් අඩු කරන්න යෝජනා ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ ,රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත. 26 February 2022
ආණ්ඩුවේ හවුල් පක්ෂවලින් ඩොලර් හිඟයට විසඳුම් ඩොලර් හිඟයත් සමග රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සකස් කරන ලද කරුණු 10 කින් යුත් යෝජනාවලියක් ලබන 02 වැනිදා කොළඹ දී එළි දැක්වේ . 26 February 2022
අඹු-සැමි යුවළ සමඟ වෑන් රිය අඩි 300ක් ප්‍රපාතයට කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වු වැන් රථයක් අඩි 300 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම වැන් රථයේ ගමන් ගත් අඹුසැමි යුවළ බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව වටවල පොලිසිය පැවසිය. 26 February 2022
සුදු අලි ව්‍යාපෘතියකට ලක්ෂ 11ක් කාබාසිනියා කරලා ශ්‍රී ලංකා පදනම ආයතනය චිත්රාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අතරමඟ නවතා දැමීමෙන් එම ව්‍යාපෘතියේ උපදේශක ගාස්තු ලෙස ගෙවූ රුපියල් එකොළොස් ලක්ෂයකට ආසන්න මුදලක් නාස්තිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 26 February 2022
කාදිනල්තුමෝ හෙට පාප් වහන්සේ හමුවෙති වතිකානයේ සංචාරයක නිරත මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හෙට (27) පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමට නියමිත බව වතිකාන ආරංචි මාර්ග පවසයි. 26 February 2022
චන්න ජයනාත් ජීවන ගීය නිමකරයි ජනප්‍රිය ගී පද රචකයකු මෙන්ම ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයකු වූ චන්න ජයනාත් මහතා අභාවප්‍රාප්ත විය. 26 February 2022
දරුවන්ගේ විලාප මැද රට රකින්න යන තාත්තලා.. යුක්රේනය යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග යුද්ධයට යෑමට පෙර ඉතා හැඟුම්බරව පියවරුන් තම දරුවන්ට සමු දෙන දර්ශන අන්තර් ජාලයේ හුවමාරු වෙයි. එය දකින කා හටත් ඉතා හැඟීම්බර අවස්ථාවකි. 26 February 2022
ඖෂධ සංස්ථාවේ කෝටි 6 ක් වතුරේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව රාජ්‍ය අංශය වෙත නිෂ්පාදන වර්ග 108ක් සැපයීමට අපොහොසත් වීමෙන් එම සංස්ථාවට කෝටි හයකට ආසන්න ආදායමක් අහිමිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 26 February 2022
නෙළුම් පොකුණේ බඩු ගබඩාවට කෝටියකට වැඩි මුදලක් යට කරලා නෙළුම් පොකුණ රඟහලේ පාවිච්චිය සඳහා අවශ්‍ය භාණ්ඩ තැන්පත් කර ඇති නාගරික සංවර්ධන අධිකාරියේ පෑලියගොඩ ගබඩා සංකීර්ණයට ජාතික උරුම, ප්‍රාසාංගික කලා සහ ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය කිසිදු ගිවිසුමකින් තොරව රුපියල් එක් කෝටි දාහත් ලක්ෂ හතළිස් තුන් දහස් දෙසිය අසූ හතක මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 26 February 2022
විදුලි ඒකකයකින් රුපියල් 12 ක පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය මස අවසනය වන විට විදුලි ඒකකයකින් රුපියල් 12 ක පාඩුවක් ලබන බවත් ඒ අනුව මාසික පාඩුව රුපියල් බිලියන ගණනක් වන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 26 February 2022
දේශපාලන හිතවතුන් රජයේ ආයතනවල හොරෙන් වැඩ රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව සේවක සේවිකාවන් අට දහසකට ආසන්න පිරිසක් සේවයේ යොදවාගෙන සිටින බව වාර්තා වේ. 26 February 2022
රටින් ගේන සැප භාණ්ඩ 600 ක බදු වැඩිවෙයි? මෙරටට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් හයසීයක(600) බදු වැඩි කරන ලෙසශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත. 26 February 2022
යු.එන්. ආරක්ෂක කවුන්සිල යෝජනාවට රටවල් තුනක් ඡන්දය නොදෙයි රුසියාව යුක්රේනයට එල්ල කරන ප්‍රහාර වහාම නවත්තන ලෙසත් සියලු හමුදා ඉවත් කර ගන්නා ලෙසත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය එදිරිපත් කළ යෝජනාවට සාමාජික රටවල් 15 පක්ෂව ඡන්ද 11ක් ලැබුණු අතර චීනය, ඉන්දියාව සහ එක්සත් එමීර් රාජ්‍යය ඡන්දය දීමෙන් වැලකී සිටියහ. 26 February 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026