කිරි ගොවියාට රුපියල් 100ක ඉහල මිලක් දියර කිරි සදහා කිරි ගොවියාට රුපියල් 100 ක ඉහල මිලක් ලබා දීමට පියවර ගන්නා බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් මහතා කොළඹදී අද (25) පැවසීය. 25 February 2022
තුවාල වී මැරුණු කොටියෙක් නල්ලතන්නියෙන් හමුවෙලා තුවාල සහිතව මියගොස් සිටි හොදින් වැඩුණු කදුකර කොටියෙකුගේ සිරුරක් අද (25) දින පස්වරුවේ සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය. 25 February 2022
’’ඕනෑම පරීක්ෂණයකට සූදානම්’’ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සූදානම් යැයි සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවැසීය. 25 February 2022
දියණිය බේරගන්න දුම්රියට පැන්න පියාට බරපතලයි යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී පාපැදියකින් ගමන්කිරීමට ගත් උත්සහයකදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් මිය ගොස් ඇගේ පියා බරපතල තුවාල ලබා ඇති බවට කෝපායි පොලීසිය පවසයි. 25 February 2022
ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බවට ජනතාව චෝදනා කරති. 25 February 2022
ජනපති ‘මිල්කෝ’ ආයතනයට යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාරාහේන්පිට පිහිටි මිල්කෝ සමාගමේ කර්මාන්ත ශාලාවේ අද (25) නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 25 February 2022
කුඩාඔය අමුණේ වැලිකැණීම් බලපත්‍රය අත්හිටුවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බී කලාපයේ විජයබාහුපුර කොට්ඨාසයේ කුඩාඔය අමුණේ වැලි ලබාගැනීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර තිබූ වැලි කැණීම් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත. 25 February 2022
යුරෝපය මා තනි කළා - යුක්රේන් ජනපති බටහිර රාජ්‍යයන් රුසියාවට බියවී තමන්ව තනි කර ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා පවසා ඇත. 25 February 2022
ඉන්දුනීසියාව ආසන්නයේ භූ චලනයක් ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ රික්ටර් මාපාංක 6.2ක ප්‍රබලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇත. 25 February 2022
නේදර්ලන්ත කතගේ සිරුර වැල්ලවත්තේ නිවාස සංකීර්ණයක අභිරහස් ලෙස මියගොස් සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මළ සිරුරක් වැල්ලවත්ත නිවාස සංකීර්ණයක නිවසක තිබී සොයාගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි. 25 February 2022
කුඩු සැකකාරියක් බේරන්න ලක්ෂ හතරක් ගත් අයෙක් මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියක් බේරා දෙන බවට පවසා ඇගේ වැඩිමල් සහෝදරිය ගෙන් රුපියල් ලක්ෂ 4 ක මුදලක් බලෙන් ලබාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. 25 February 2022
කතානායකගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් සහ බාධා කරමින් සැකකටයුතු පාර්සලයක් පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන ඒම සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාට පැමිණිලි කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 25 February 2022
ආන්දෝලනාත්මක අධිභාර පනතට එරෙහිව පෙත්සම් හතරක් අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වී ඇති පෙත්සම් 4ක පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 25 February 2022
දක්ෂිණ අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවී යළි නිවස කරා පැමිණෙමින් සිටි එකම පවුලේ අට දෙනකුගෙන් යුත් පිරිසක් ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 29 දොඩංගොඩ ප්‍රදේශයේදී සිමෙන්ති පටවාගත් ලොරියක ගැටී සිදුවූ අනතුරකින් පියා මියගොස් කුඩා දරු තිදෙනකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය කියයි . 25 February 2022
පළාත් රැසකට අද ගිගුරුම් සහිත වැසි උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 February 2022
යුක්රේනයේ සිටින ලාංකිකයන් කඩිනමින් ගෙන්වයි යුක්රේනයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යංශය තීරණය කර ඇත. 25 February 2022
රුසියානු හමුදා කියෙව් නගරය ආසන්නයේ රුසියන් හමුදාවන් යුක්රේන කොනොටොප් නගරයට ප්‍රහාර එල්ල කරමින් පවතින අතර කියෙව් නගරය දෙසට රුසියානු හමුදා ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 25 February 2022
මතුගම තිදරු මව ඝාතනයට ඇමැති නිලධාරිනියක් අල්ලයි? මතුගම තිදරු මවකගේ හිසට ඉකුත් 15 දා වෙඩිතබා ඝාතනය කිරීම සැලසුම් කිරිමට කොන්ත්‍රාත්තුවක් ලබාදීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක අද (24) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 25 February 2022
අලුත් ආසාදිතයෝ 1,208 ක් කොවිඩ් ආසාදිතයින් තව 1,208 ක් අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 24 February 2022
ලාම්පුත් ගණන් උස්සයි දිනපතා විදුලි කාන්දුවක් සිදුවන හෙයින් ජනතාව භූමිතෙල් ලාම්පු ලන්තෑරුම් සහ පෙට්රල්මෙක්ස් උනන්දුවන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 24 February 2022
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල ගේ අවසන් ගමන... ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, අභාවප්‍රාප්ත බන්දුල පද්මකුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී අද (24) පස්වරුවේ සිදුකෙරිණි. 24 February 2022
තවත් කොරෝනා මරණ 30 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 30 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 February 2022
පැරණි ක්‍රමයට පළාත් මැතිවරණය කඩිනමින් නව ඡන්ද ක්‍රමයක් ඇති කරන තුරු පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු යැයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවෙන් නිර්දේශ කිරීමට එම කාරක සභාවේ එකඟත්වය හිමිවූ බව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 24 February 2022
වැලිකඩ චැපල් වාට්ටුවේ විරෝධයෙන් කෝටි 60 ක දේපොළ විනාශයි වැලිකඩ බන්ධනාගාර සිරකරුවන් 13 දෙනකු එහි චැපල් වාට්ටුවේ වහලය මත නැගී සිදුකළ විරෝධතාවය හේතුවෙන් එම ගොඩනැගිල්ලට සහ පොදු දේපළවල රුපියල් කෝටි 60කට අධික හානියක් සිදුවී ඇති බවට තක්සේරු වාර්තා මගින් තහවුරු කර ඇතැයි බොරැල්ල පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (24) කරුණු වාර්තා කර තිබේ. 24 February 2022
මාළු ලොරිය අධිවේගියේ පෙරැළී මාළු සී සී කඩ මාළු තොගයක් පටවා ගෙන යමින් සිටි ලොරියක් අද 24 සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 15 බණ්ඩාරගම ප්‍රදේශ ෙය්දී දී පෙරළීමෙන් මාර්ගයේ පුරා මාළු විසිරි වාහන ධාවනයට තරමක බාධාවක් ඇති වූ බව අධිවේගී රථ වාහන පොලීසිය කියයි. 24 February 2022
යතුරුපැදියක් මස්කර අරන් ගිය තිදෙනෙක් අංගොඩදී මාට්ටු සොරාගත් යතුරුපැදියක කොටස් ගලවා ත්‍රිරෝද රථය දෙකකින් ප්‍රවාහන කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු අංගොඩ ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 24 February 2022
යුක්රේන යානයක් කඩා වැටී ගුවන් භටයෝ 5 ක් මරුට යුක්රේන ගුවන් හමුදාවේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් භටයින් 5 දෙනෙක් මරණයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේ 14 දෙනෙක් යානයේ ගමන් කර ඇති බවද වාර්තාවේ. 24 February 2022
කම්කරු වන්දි මුදල ලක්ෂ 20 දක්වා වැඩි වෙයි කම්කරුවන්ට අනතුරුවලදී ගෙවන උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළට දැමීමට රජය තීරණය කර ඇත. 24 February 2022
තුවක්කුවක් අරගෙන සටනට සූදානම් වෙන්න යුක්රේන හමුදාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් හැකියාව ඇති සියලු දෙනාම තුවක්කුවක් රැගෙන සටනට සුදානම් වන ලෙසත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ජනතාව අමතා ප්‍රකාශ කළේය. 24 February 2022
තාත්තා පැදවූ ත්‍රිරෝදයෙන් බිමට වැටී එයටම යටවී සිඟිත්තිය මරුට හොරණ 20 කණුව ප්‍රදේශයේදී පියා පැදවූ ත්‍රිරෝද රථයෙන් බිමට වැටී එම ත්‍රීරෝද රථයටම යටවී අවුරුදු එකයි මාස දෙකක් වයසැති දැරියක් ඊයේ (23) මියගිය බව හොරණ මූලස්ථාන පොලීසිය කියයි 24 February 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026