IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දයාසිරිගේ නිල නිවස ගැන කංචනගෙන් ප්‍රකාශයක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විපක්ෂයේ වාඩිවී මාස හයක් ගතවුවත්  දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා තවමත් සිටින්නේ ආණ්ඩුවේ නිල නිවෙසක  බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) පැවසීය.

රාජ්‍ය මුදල් අවභාවිතා කරන බවට චෝදනා නගන ජයසේකර මහතා මුලින්ම කළ යුත්තේ ආණ්ඩුවේ නිල නිවෙසින් පිටව යෑම බවද   ඇමැතිවරයා කීවේය.

ආණ්ඩුව රාජ්‍ය මුදල් අවභාවිතා කරන බවට දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළ අවස්ථාවේදී  ප්‍රකාශ කළ අවස්ථාවේදී ඊට පිළිතුරු ලබාදෙමින් විජේසේකර මහතා මෙසේ පැවසීය.

කංචන විජේසේකර මහතා:

ආණ්ඩුවේ ගෙදරක ඉදන් විපක්ෂය වෙනුවෙන් පෙනී ඉන්න එපා. විපක්ෂයේ කාර්යභාරය කරනව නම් ආණ්ඩුවේ ගෙදරින් යන්න. වරප්‍රසාද සියල්ල අතහැරලා යන්න

දයාසිරි ජයසේකර මහතා:

නිවසක් දෙන්න කියලා මම පාර්ලිමේන්තුවට ලිපියක් දීලා තිබෙනවා. මට කොළඹ නිවෙසක් නැහැ. ඒක දෙන්නේ හෙට උදේද මම යනවා. ඒ වෙනතෙක් විදුලි, ජල බිල් සියල්ල මම ගෙවලා තියෙනවා. එහෙම තියෙද්දි පුවත්පත් වල යනවා මම බිලක් ගෙවන්න තියෙනවා  කියලා.

කංචන විජේසේකර මහතා:

පීමියන් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනව නම් ඊට වඩා අඩුවෙන් දෙන්න කෙනෙක් ඉන්නව නම් කියන්න අපි දෙන්නම්. කවුරු හරි සමාගමක් හරි, පෙනී සිටින සමාගමක් ඉන්නව නම් කියන්න. ඔබතුමා අපිට චෝදනා කරන්නේ රාජ්‍ය මුදල් අවභාවිතා කරනවා කියල නේ. අප්‍රේල් මාසයේ ඇමැති ධූරයෙන් ඉවත් වුණාට පස්සේ සාමාන්‍යෙයන් මාස තුනයි නිල නිවසේ ඉන්නේ. රාජ්‍ය මුදල් අවභාවිතා කරන ඔබතුමා පසුගිය මාස හයේ රජයේ නිල නිවසක ඉදගෙන ඒ කරපු මුදල් අවභාවිතා කියන්න. . තාම රජයේ ගෙදරක ඉන්නේ. ඇමැතිවරයා විදියට මට තීන්දු කරන්න බැහැ කගේ ගෙදරද විදුලිය කපන්නේ කියලා. කාගේ ගෙදරද විදුලිය දෙන්නේ කියලා. මැසගසින් බන්ධනාගාරයේ විදුලිය විසන්ධි කළා කිව්වම දෙන්න කිව්වා. සියලුදෙනාටම නීතිය පොදුයි. දීර්ඝ කාලයක් තිස්සේ ලිපි පිට ලිපි යවලා තිබෙනවා. ගෙවීම් නොකරපු කිසිම මන්ත්‍රීවරයෙක් මේ පාර්ලිමේන්තුවේ නැහැ. මේක විතරයි ගෙවීමට ලක්කරන්න තිබෙන ගෙවීම.

දයාසිරි ජයසේකර මහතා:

ඊයේ ලියුම ගහලා පුවත්පත් වලට යවනවා ප්‍රචාරය කරන්න කියලා. උඩින් ලක්ෂ 11 ගාණක් දාල. යටින් ලක්ෂ හයයි කියලා දාල තිබෙනවා. මේ ගෙවීම් කරන්න තිබෙන්නේ මම වැඩ කළ අමාත්‍යාංශ තුනක. ලේකම්වරු කිහිප දෙනෙක් කතා කළා. මට නිල නිවසින් ඉවත් වෙන්න කියලා තිබෙනවා. නාමල් රාජපක්ෂ මහත්මයා ඇමැති ධූරය අතහැරලා නිල නිවසේ ඉන්නවා. තව ඇමැතිවරු ගණනාවක් ඇමැති ධූර නොමැතිව නිල නිවසේ ඉන්නවා. වරප්‍රසාද කමිටුව කොළඹ ඉන්න විදුලිබල අමාත්‍යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරිවරයා ගෙන්වන්න.රිචඩ් පතිරණ, අතාවුද සෙනවිරත්න මහත්වරුන්ගේ සල්ලිත් මේකට දාල තිබෙනවා. මේ මම විතරක් ගෙවන්න ඕන ඒව විතරක් නෙවෙයි. මම ගෙවන්න තිබෙන මුදල් ටික එවන්න කියලා කිව්වා.පත්තර විස්තරවල දාලා මඩ ගමනවා.

කතානායකවරයා:

වරප්‍රසාද ප්‍රශ්නයක් විදියට ගෙනඑන්න.

කංචන විජේසේකර ඇමැතිවරයා:

එතුමා කියනවා පළමු ලිපිය ලැබුණේ සැප්තැම්බර් මාසයේ  කියලයි. මම යවලා තියෙන්නෙ මැයි මාසේ 26 වැනිදා.   මැයි මාසේ 26 ඉඳලා  කරලා නැහැ. මෙය නිරවුල් කරන්න කියලා ඉල්ලා  සිටිනවා.



අදහස් (7)

දයාසිරිගේ නිල නිවස ගැන කංචනගෙන් ප්‍රකාශයක්

යෝගා Thursday, 06 October 2022 05:17 PM

දයාසිරි කියන්නේ ලොකුම අවස්ථාවාදියෙක්, ගල් ආඳෙක් කියලා රටම දන්නවා...

:       0       2

Hafeel Thursday, 06 October 2022 05:22 PM

දැන් අර පැත්තට, මේ පැත්තට වෙලා හිටියට, ඔයාලා සේරම එකම ගහේ ගෙඩි තමයි. ලැජ්ජාව ගෑවිලාවත් නැහැ. හැබැයි එනකොට නම්, කියන්නේ මහජන සේවයට, රටට යමක් කරන්න ඕනේ කියලා. ඇවිල්ලා කියන්නේ කොළඹ ගෙවල් නැහැ.. විදුලි, ජල බිල ගෙවන්න නැහැ කියලා. ඔවුන්ගෙන් රට හදන එක බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

:       0       2

Dayan Thursday, 06 October 2022 05:48 PM

ඒක පොහොට්ටුවේ දේපළක්ද?

:       0       2

Bamunuarachchi Thursday, 06 October 2022 06:04 PM

ගෙවීම් නොකරපු කිසිම මන්ත්‍රීවරයෙක් මේ පාර්ලිමේන්තුවේ නැහැ. මේක විතරයි ගෙවීමට ලක්කරන්න තිබෙන ගෙවීම. ඔබ එසේ කීවත් සමාජ මාද්‍යවල යනවා අතඋල්ලා 94 දාහකට විදුලි පොල්ලක් තිබ්බේ හරින් ලක්ෂ 14 විදුලි පොල්ලක් තියා තිබෙන බව. ඒගැන මොකද කියන්නේ?

:       1       10

සුදු ඇඳගෙන කලු ඇවිදින් Thursday, 06 October 2022 07:32 PM

පාර්ලිමේන්තුවේ හොරකම් නොකරපු, මුදල්/වරප්‍රසාද අවභාවිතා නොකරපු කෙනෙක් හොයනවාට වඩා ලේසියි නොමළ ගෙයකින් අබ මිටක් ගේන එක. එයාගේ හොරකම එයා වහන්නේ අනුන්ගේ හොරකම පෙන්නලා. අන්තිමට මේ ඔක්කොම පව්වලින් වන්දි ගෙව්වේ රාජපක්ෂලා...! 

:       0       1

de silva Friday, 07 October 2022 12:20 AM

කාංචන පුලුවන්නම් නඩු. දමන්න දයාසිරි පමණක් නොවේ තව කීපදෙනෙක් මේක කියනවා

:       0       0

KAHAWITA Friday, 07 October 2022 09:59 AM

තෙල් වංචාව ගෙන එලිකලා විතරයි ලයිට් බිල ගෙන කියනව, අනික් අය කොහොම පොලු තියල ඇද්ද, බලනකොට ඔතන ඉන්නෙම හොරු

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site