
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත්පාලන ආයතන කරන කැළිකසළ බැහැර කිරීම් නිසා රට පුරා කුණු කඳු දහනවයක් නිර්මාණය වී ඇතැයි පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළීතුරු දෙමිනි.
එම කුණු කඳු අතරින් හතරක් වනාන්තර ආශ්‍රිතව පවතින හෙයින් පරිසර පද්ධතියට දැඩි හානියක් වන්නේ යැයි පිළිගන්නා බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා පළාත් පාලන ආයතනවල කොම්පෝස්ට් පොහොර නිපදවන අංගණ නවයක් මේ වනවිට ක්‍රියාත්මක බවද සඳහන් කළේය.
මේ කුණු කඳු සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බව වක්කුඹුර මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
293
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටපුරා කුණු කඳු දහ නවයක්
fairoos Thursday, 06 October 2022 05:28 PM
කාටද ආඩම්බර... නේද ඇමැතිතුමා?
sharm warn Friday, 07 October 2022 11:14 AM
තව කුණු කන්දක් තියෙනවා දියවන්නාව මැද්දේ... ඒකෙන් ලංකාවම ගඳ ගස්සවනවා. මුළු ලෝකෙටම දැනෙන්න..!
ganegoda Friday, 07 October 2022 11:37 AM
මේ කඳු දවස පුරාම වර්ධනය වෙමින් පවතින නිසා අනාගතයේදී කුණු කන්දක් බවට පත්වෙයිද? වගකිවයුතු පාලකයෝ හිතාමතා, බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙනවද?