IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංකාව ගැන යෝජනාව මානව හිමිකම් කවුන්සලය පිළිගනී

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ඉදිරිපත් වූ ‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම" යන තේමාව යටතේ ගෙන ආ  51/5  යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (06) පැවැත්වුණු අතර එම යෝජනාවට පක්ෂව සාමාජිකයෝ 20 දෙනෙක් එහිදී  ඡන්දය ලබා දුන් අතර යෝජනාවට විපක්ෂව සාමාජිකයෝ 7 ක් ඡන්දය ලබා දුන්හ.

සාමාජිකයෝ 20 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලය පිළිගත්තේය.

ඡන්ද විමසීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ අනුමැතියකින් හෝ උපදේශනයකින් තොරව ඉදිරිපත් කළ නව යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයේ අද (06) අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් වූ 51/5 යෝජනාව රටවල් 7 ක අනුග්‍රහයෙන් ඉදිරිපත් වූ අතර අද (06) වන විට තවත් රටවල් 23 ක් සම අනුග්‍රාහකත්වය ලබා දෙමින් සම්පූර් ණ රටවල් 30 ක සහයෝගය හිමිව තිබුණි.

මානව හිමිකම් කවුන්සිලයේ ජිනීවා හි එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත තානාපති සයිමන් මෑන්ලි මහතා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව අද (06) මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේය.ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, මලාවි, මොන්ටිනේග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, කැනඩාව සහ ජර් මනියේ අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ 51/5 යෝජනාව අද (06) සයිමන් මෑන්ලි මහතා ඉදිරිපත් කළ අතර එයට තවත් රටවල් 23 ක් අත්සන් තබා තිබුණි.

ශ්‍රී ලංකාව සමීප මිතුරෙකු මෙන්ම සමීප හවුල්කරුවෙකු බවත් වත්මන් අභියෝග හමුවේ මෙම යෝජනාව ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ දැනට පවතින අභියෝගවලට මුහුණ දීමට මෙන්ම ප්‍රතිසන්ධානය, යුක්තිය සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රගතිය දිරිගැන්වීම සඳහා බවත් සයිමන් මෑන්ලි මහතා යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.පසුගිය වාර් තාවේ අඩංගු කරුණු මෙන්ම පසුගිය මාස 18 ක කාලය තුල ශ්‍රී ලංකාවේ ඇතිවූ වර් ධනයන් සැලකිල්ලට ගනිමින් මෙම වාර් තාව සකස් වී ඇති බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

ඡන්ද විමසීමේදී යෝජනාවට විපක්ෂව ශ්‍රී ලංකාවට සහයෝගය දෙමින් චීනය, බොලිවියාව, පාකිස්තානය, උස්බෙකිස්තානය, වෙනිසියුලාව, කියුබාව සහ එරිත්‍රියාව යන රටවල් ඡන්දය භාවිත කළ අතර ඉන්දියාව, ජපානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, ලිබියාව සහ ඉන්දුනීසියාව ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර විය.



අදහස් (5)

ලංකාව ගැන යෝජනාව මානව හිමිකම් කවුන්සලය පිළිගනී

Kule Thursday, 06 October 2022 10:27 PM

දෙමල ජාතිවාදීන්ට සහ එහෙයියන්ට දැන් සැපට නින්ද යයි

:       1       0

Demuni Uduwara Friday, 07 October 2022 05:04 AM

ඇස් ඇරගෙන සිටින්නෙක්...!

:       0       1

Ranjan Friday, 07 October 2022 10:56 AM

මෙම යෝජනාව ක්‍රියාත්මක කළ හැකිද? 20 දෙනයි කැමැති වෙලා තියෙන්නේ... 27 දෙනාගෙන්...

:       1       0

Sunil Friday, 07 October 2022 11:11 AM

මේ දුර්දාන්ත කාලකණ්ණි රජයට තහංචි පිට තහංචි වැටීයන්...

:       1       2

සෑම් Friday, 07 October 2022 12:19 PM

මානව හිමිකම් කවුන්සිලයට අපේ ප්‍රණාමය... ඒ මොකක් නිසාවත් නෙමෙයි මේ තක්කඩි දේශපාලුවන් කරපු අපරාධවලට ලංකාවේදී කිසිම දවසක දඬුවමක් දෙන්න බැහැ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site