පළාත් කිහිපයකට වැසි මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 August 2022
විමල්ගේ නායකත්වයෙන් නව සන්ධානය පිහිටුවීම හතර විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන සන්ධානයක් ලබන මස 4 වෙනිදා පිහිටුවන බව ස්වාධීන පක්ෂ එකමුතුව පවසයි. 19 August 2022
මුදලිගේ ගත්තාට කැලණියේ විරෝධතා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් අද රාත්‍රියේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. 18 August 2022
ජනපති ජපානයෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට පැමිණෙන ලෙස චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබා දුන් ප්‍රධාන රටවල්වලට ආරාධනා කරන්නැයි ජපානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඊයේ(18) ප්‍රකාශ කළේය. 18 August 2022
ගෝඨාට එන්න දෙන්න පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 18 August 2022
පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය අත්‍යවශ්‍යයි පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 August 2022
එජා සංවිධාන නියෝජිතයෝ ජනපති හමුවෙති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් අතර හමුවක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 18 August 2022
මිතුරාට අවසන් ගෞරව දක්වන්න ජනපති ජපන් යයි ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ අග ජපානයට යාමට නියමිතය. 18 August 2022
බලශක්කි අමාත්‍ය කංචනගෙන් සී.අයි.ඩී.යට පැමිණිල්ලක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්තය යන ආයතන දෙකේ ප්‍රධාන කටයුතු කීපයක් පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) පැමිණිල්ලක් කළ බව විදුලිබල හා බලශක්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) පස්වරුවේ පැවසීය. 18 August 2022
අරගලයට සහාය දුන් බ්‍රිතාන්‍ය තරුණිය සොයා මෙහෙයුමක් අරගලයට සහය දැක්වූයේ යැයි චෝදනාවට ශ්‍රී ලංකාව නිකුත් කර තිබූ වීසා අවලංගු කළ බි්රතාන්ය ජාතික තරුණිය කෙලී ෆ්‍රාසර් සොයා ශ්‍රී ලංකා ආගමන හා විමගන දෙපාර්තමේන්තුවේ විමර්ෂණ කණ්ඩායමක් සහ බුද්ධි අංශ කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය අද (18) පස්වරුවේ පැවසුවාය. 18 August 2022
කොවිඩ් ආසාදිතයන් 166 ක් ‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 166 දෙනකු අද (18) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 18 August 2022
පිට පිටම දෙවැනි දිනටත් කොවිඩ් මරණ 5 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) පස්වරුවේ තහවුරු කළේය. 18 August 2022
කැළණිවැලි දුම්රිය මාර්ගයට බිලිවන නිවාසවලට ‘මාලපල්ලෙන් නිවසක් කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වන ජනතාව වෙනුවෙන් ඉදිවන ‘මාලපල්ල’ මහල් නිවාස ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිරීක්ෂණය කළේය. 18 August 2022
වසන්ත මුදලිගේ අත්අඩංගුවට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී අද (18) පැවැත්වූ විරෝධතා පා ගමනට සහභාගි වී සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගත් බවඋසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 18 August 2022
ගෝල්ෆේස් බිමට වූ හානිය අරගලකරුවන්ගෙන් අයකර ගන්නවා දීර්ඝ කාලයක් අරගලකරුවන් රැඳී සිටීම නිසා ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ඔවුන්ගෙන්ම අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 18 August 2022
වරායේ ලොකු වෙනසකට ඇමැති සැරසෙයි ගුවනින් මෙන්ම නෞකාවලින් මෙරටට පැමිණන විදේශීය සංචාරකයින් වෙනුවෙන් කොළඹ වරායේ මගී පර්යන්තයේ නවීන පහසුකම් ඇති කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 18 August 2022
‘‘ගල්අඟුරු නැති වුණොත් පැය 10ක් විදුලිය නෑ‘‘ ඉදිරි කාලයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් පැය 10ක පමණ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 18 August 2022
අන්තරේ පාගමනට කදුළු ගෑස් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන විසුරුවා හැරීම සඳහා මීට සුළු මොහොතකට පෙර පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය. 18 August 2022
හරක් මැරීම නතර කළ ඇමති මර්වින්ට ඇපයක් අවශ්‍ය නෑ-කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කැලණියේ හරක් මැරීම නතර කළ මෙම සැකකරු ඇප අවශ්‍ය නැතැයි සඳහන් කළ කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා සැකකරුට ලබන නොවැම්බර් 16 වැනි දා අධිකරණයේ පෙනී සිටීම ප්‍රමාණවත් බව ප්‍රකාශ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මුදා හැරියේය. 18 August 2022
සජබෙ එක්කෙනෙක් වත් ඇමතිකම් ගන්නෙ නෑ සමගි ජනබලවේගයේ එක්කෙනෙක් වත් සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමැතිකම් ගන්නට සූදානම් නැතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. නව ජනාධිපති පත් වී මාසයකට ආසන්න කාලයක් ගත වූ නමුත් සර්වපාක්ෂික ආණ්ඩුව කතා පෙට්ටියක් පමණක් වී ඇතැයි ද රාජකරුණා මහතා පැවසීය. 18 August 2022
අන්තරේ පා ගමන ජනපති ලේකම් කාර්යාලය දෙසට ‘ඩීල් රනිල් - රාජපක්ෂ ජුන්ටාව පන්නමු’ යන තේමා යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතා පාගමන මේ වන විට කොළඹ නගර ශාලාව ඉදිරිපිටින් ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරමින් තිබේ. 18 August 2022
උසස් පෙළ ප්‍රායෝගික පරික්ෂණ හෙට සිට දින තුනක් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2021 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගීවීමට නොහැකි වූ අපෙක්ෂකයින්ට හෙට (19) සිට 21 ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 18 August 2022
22කට එරෙහිව පෙත්සම් නවයක් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු නවදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) පෙත්සම් 9ක් ගොනු කරනු ලැබ ඇත. 18 August 2022
වත්මන් රජයේ වන්දි පිළිවෙත ගැන මෛත්‍රීගේ නොසතුට යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අය බව කියමින් අධිකරණමය ක්‍රියාමාර්ග මත පියවර ගත් රාජ්‍ය නිලධාරින් සහ ආයතන ප්‍රධානීන් කිහිපදෙනකුට රුපියල් කෝටි ගණනක් වන්දි ගෙවීමට වත්මන් රජය සූදානම් වන බවත් රටේ ආර්ථික අර්බුදයක් ඇති මොහොතක එසේ කිරීම සම්බන්ධයෙන් තම නොසතුට පළ කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 18 August 2022
කාබනික පොහොර ගන්න රජයෙන් විසිදාහක් දෙයි මහ කන්නයේ වී ගොවීන්ට කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 18 August 2022
‘කොවිඩ් 19’ වයිරසයෙන් මොළයට වන හානිය දිගු කාලීනයි ‘කොවිඩ් 19’ වයිරසයෙන් මොළයට එල්ල වන හානිය දිගු කාලීන යැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ පවසති. 18 August 2022
‘වඳුරු උණ’ට දෙන එන්නත සියයට 100 ක් සාර්ථක නැහැ ‘වඳුරු උණ’ වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත සියයට 100 ක් සාර්ථක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියකු වන රෝස්මන්ඩ් ලුවිස් පැහැදිලි කරයි. 18 August 2022
රූපවාහිනියට බලෙන් කඩා පැන්නාට මර්වින් සිල්වා අත්අඩංගුවට රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් කඩාවදින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වූ මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) පෙරවරුවේ අත්අඩංගුවට ගත්ෙත්ය. 18 August 2022
මහපොළට, ශිෂ්‍යාධාරවලට ගිය වසරේ මිලියන 2000ක් වැය කරලා විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට මහපොළ හා ශිෂ්‍යාධාර වශයෙන් ගිය වසරේදී රුපියල් මිලියන 2000ක් මුදලක් වැය කර ඇත. 18 August 2022
සතුන්ගේ කෑම රටින් ගේන්න යයි සත්ව ආහාර සඳහා ආනයනය කරන බඩ ඉරිඟු හා සෝයා විවෘත ගිණුම් ක්‍රමවේදයට ආනයනය කිරීමට අවසර ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. 18 August 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026