IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


මලල ක්‍රීඩා ශත සංවත්සරයට සමරු මුද්දරයක්

(ඩයනා උදයංගනී)

තැපැල් දෙපාර්තමේන්තුවට අනුබද්ධ මුද්දර කාර්යාංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ මුද්දර දැක්ම 2022’ මුද්දර ප්‍රදර්ශනය කොළඹ 10, ඩී.ආර් විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේ දී අද (6) විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ශත සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදුකෙරිණි.

ප්‍රදර්ශනය විවෘත කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර, ඔලිම්පික් පදක්කම් ලාභී මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ, හිටපු ප්‍රවීණ මලල ක්‍රීඩිකාවක් වන දමයන්ති දර්ශා යන මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මුද්දර ප්‍රදර්ශනය මෙම මස 9 වැනිදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතය.

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (1)

මලල ක්‍රීඩා ශත සංවත්සරයට සමරු මුද්දරයක්

Nimal Thursday, 06 October 2022 05:24 PM

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ශත සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම, මෙතරම් දේශපාලකයන් පිරිසක් ගෙන්වා මුදල් නාස්ති කරන්නේ මන්ද...?

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 399 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2176 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1652 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site