(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව නැමැති උත්තරීතර ආයතනයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීමත් උත්තරීතර විය යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසීමට ඉඩ නොදෙන්නැයි තමා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව පැවසූ අමාත්‍යවරයාවෛරය වැපිරීමට පාර්ලිමේන්තුව යොදා නොගත යුතු බවද සඳහන් කළේය.
අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම පිළිබඳ විවාදයේදීය.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.
ස්ථාවර නියෝග සඳහා සංශෝධන ගණනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතු විනිවිදභාවයකින් සිදුකිරීම මෙහි මූලික අරමුණයි. ඒ වගේම පාර්ලිමේන්තුව වගකීමෙන් යුතුව කටයුතු කරන බව තහවුරු කිරිමට අවශ්‍යයි. මේ කරැණු සම්පූර්ණ වෙනකොට තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ලක්ෂණ මේ තුළින් පෙන්නුම් කෙරෙන්නේ. ස්ථාවර නියෝග අනුව අපි නොයෙකුත් කාරක සභා ඇති කරලා තිබෙනවා. ආංශික අධීක්ෂණ කාරක සභා ගැන අද වෙනදාටත් වඩා වැඩි උනන්දුවක් ඇතිවී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සක්‍රීය දායකත්වය සහ ඵලදායීතාවය තීරණය වෙන්නේ අපි මේ පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන ආකාරය මත පමණක් නෙවෙයි. පාර්ලිමේන්තුවක් සාර්ථකද නැද්ද කියලා තීන්දු වෙන්නේ තිරය පිටුපස සිට කරන කාර්යභාරය මත. පාර්ලිමේන්තුවට ඇති මූලිකම වගකීම තමයි ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ නීති සම්මත කර ගැනීම. දෙවනුව පාර්ලිමේන්තුවට තිබෙන වගකීම තමයි රටේ ජනතාවගේ මූල්‍ය පාලනය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථානය උත්තරීතර වුණාට ඔතැන ඉන්නේ අධමයින් පිරිසක් බව දන්නේ නැද්ද?
එහෙට මෙහෙට පනින එක නතර කරලා එක ප්රතිපත්තියක අවුරුද්දක්වත් ඉඳලා ආදර්ශයක් දුන්නොත් නරකද?
ආයතනය උත්තරීතර වුණාට වැඩිපුරම ඉන්නේ හොර දූෂිතයින්. රටම විනාශ කරලා වළපල්ලට ඇදලා දාපු හොරු... කිසිම චාරයක් නැති, නූගත් අටවත් පාස් නැති අය...
පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනා කිසිම උගත්කමක් නැති ,කසිප්පු කාරයෝ ,මිනී මරුවෝ ,වංචා කාරයෝ ,මාල හොරු වෙනකොට පාර්ලිමේන්තුව වැදගත් උත්තරීතර ව්නෙනේ කොහොමද?
බුද්ධිමත් විනයගරුක හැසිරීමක් නූගත් ,මෝඩ ,පොහොට්ටුවේ හොරුන්ගෙන් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්