පානදුර සලිදුගේ ලක්ෂ 80 ක සල්ලි කළුගල් ගොඩකින් එළියට
විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරමේ නියුතු ’’පානදුර සළිදු’’ නැමැත්තා ට අයත් බව කියන රුපියල් අසූ ලක්ෂ එක්දහසක ජාවාරම් මුදලක් පානදුර , විහාරස්ථානයක කළුගල් ගොඩක සගවා තිබියදී සොයාගෙන, ජාවාරම් මුදල් එකතු කරන පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු පැකට් කිහිපයක්ද සමගින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .