
(නිමන්ති රණසිංහ )
කංසා ආයුර්වේද නිෂ්පාදන ලෙස නීතිගත කිරීමට අදාළ නීති සකස් කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
එම නීතී කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
සිසිර ජයකොඩි මහතා මෙසේද පැවසීය.
"නීතියක් නැතුව එක එක්කෙනාට අවශ්‍ය විදියට නීති වෙනස් කරන්න බෑ. අපේ රටේ විෂ, අබිං, මත්ද්‍රව්‍ය පිළිබඳ පනත් තියෙනවා. ඒ පනත්වලට ඒවා පටහැනියි. ඒ නිසා එක එක්කෙනාට ඉබාගාතේ කංසා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්න අයිතියක් නෑ. ඒ වගේම රටට හානියක් වෙන්න දෙන්නත් බෑ. මේවා විනෝදාස්වාදය සඳහා යොදා ගන්න බෑ. මේවායේ අතුරු ප්‍රතිඵල එන්නේ මරුජුවානා විදියට ඒ නිසා මත්ද්‍රව්‍යවලට තරුණයින් යොමු කරන්න ඉඩදෙන්න, රාත්‍රී සමාජ ශාලාවල මේවා භාවිත කරන්න ඉඩදෙන්න ඒ නීතියට අපිට පුළුවන් කමක් නෑ.ආයුර්වේද නිෂ්පාදන විදියට ආයුර්වේදය යොදාගෙන එය දියුණු කර ලෝක වෙළඳපොළටඉදිරිපත් කර කිසියම් ලාභයක් ලබන්න අපට පුළුවන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට ගංජා,ගංජත් නීතිගත කරන්න අර ඩයනා නෝනාට ඉදිරියට එන්න බැරිද ?
කලින් හිටියෙ එතනොල්, කුඩු ඇමතිල විතරයි. ළගදිම, කන්ස විකුනන එවුනුත් ඒයි පර්ලිමෙන්තුවට.. අනික...කන්ස විකුනල පෝසත් වුනු රටක් තියෙනව නම් කියන්න..
ඩයනා නෝනාගේ ඔක්කොම ලකුණු ටික මෙයා හරවා ගත්තා දැන් එයාට තියෙන්නේ නිසාචර ජීවිතේ ගැන කතා කරන්න විතරයි
එතකොට අපේ ඩයන කියන දේවල් කරන්ඩ බැරිද?
ගන්ජාකාරයො හොරු මංකෙල්ලකාරයින්ගෙන් පාර්ලිමෙන්තුව පිරිල .. තවත් මොනවද කතා කර කර ඉන්නෙ !
අදත් අපේ ගෙවල්වල කුඩු කසිප්පු ගංජා කාරයින්ට ඉඳගන්න පුටුවක්වත් දෙන්නේ නැහැ.ඒත් මොනවා කරන්නද ?සැඩ පහරට වැටිච්ච කෙනා පිදුරු ගහෙත් එල්ලෙනවානේ
ඵලමු අස්වැන්න පාර්‍රලිමෙන්තු මන්ත්‍රිලට දෙන්න. ඒ් අය හරි ැමතියි එයාලට ගරු කරනවනම්
ලංකාවෙ සිංහල මිනිස්සු මර්ධනය කරන්න බැරිවුණාම අධිරාජ්‍යවාදී සිංහලයා මර්දනය කරන්න දෙල් ගෙනවිත් දුන්නා .සිංහල මිනිස්සු ඒක පොල් සමග කෑවා. සුද්දට බැරිවුණා පස්සෙ බලනකොට උන්දැලා දැනගත්ත සිංහල මිනිස්සු කංසා නිසා ශක්තිමත් වෙනවා කියලා.ඒත් ඔවුන් මුලින් ඒවා තහනම් නොකර තහනම් කලේ ලංකාවට නිදහස ලැබෙන්න ආසන්න කාලයේ. ඇත්තටම අපි කරන්න ඕන සුද්දාගෙ නීති රැකීමද නැත්නම් සුද්දගෙ නීති වෙනස් කිරීමද
මෙම යෝජනාව මුලින්ම ගෙනාවේ ඩයනා ගමගේ. ඒ නිසා පිත්තල, මැටි, බතික්, සීනි, පොල් ඇමතිලා ඉන්න මේ රටේ, ඩයනාව කංසා ප්‍රවර්ධන ඇමති හැටියට පත් කරමු.
කසිප්පුකාරයින්ට හොඳටෝම කේන්ති ගිහින්...!