(නිමන්ති රණසිංහ)
චීන රටේ ශිෂ්‍ය වීසා ලබා දෙන බව පවසා මුදල් රුපියල් පන්ලක්ෂ හැටදහසක මුදලක් වංචා කිරීමේ චෝදනාවට ‘කොස් ලංකා’ පුද්ගලික සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු වරදකරු කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරුවන්ගේ ඇගිලි සලකුණු වාර්තා ලැබෙන තෙක් ලබන 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (04) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ දීර්ඝ නඩු විභාගයකින් පසු පළමු චෝදනාවට සැකකරුවන් වරදකරු කරමින් මෙම නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා දෙවන චෝදනාවෙන් ඔවුන් නිදහස් කරන ලෙසට නියෝග කළේය. ඒ අනුව දඩුවම් නියම කිරීම සදහා ඇගිලි සලකුණු වාර්තා කැදවන තෙක් සැකකරුවන් රක්ෂිත භාරයේ තැබීමට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.
පැමිණිලිකාර පාර්ශ්වයට වංචා කළ මුදල් නැවත ගෙවන්නේ නම් දඩුවම් අඩු කිරීම සලකා බැලිය හැකි බවත් දුප්පත් ජනතාවගෙන් මුදල් ලබා ගෙන දීර්ඝ කාලයක් ගතව ගොස් ඇති අතර මෙවැනි වංචා සිදුකර මේ සමාජයේ මිනිසුන් කොහේ යන්නේදැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
චීනයේ ශිෂ්‍ය වීසා දෙනබව කියා මුදල් වංචා කළ සභාපති-අධ්‍යක්ෂවරු 3 රිමාන්ඩ්