ජීවන් අත අතහරි
මේ රටේ පංච මහා බලවේගය ජීවත්වීමේ අයිතිය ඉල්ලා මහ පාරේ සටන් කරද්දී , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් එහි ප්‍රතිපත්ති අමතක කොට දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් කටයුතු කිරීම නිසා තම හෘද සාක්ෂියට එකඟව තවදුරටත් එහි රැඳී සිටීමට නොහැකි බැවින් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව, ශ්‍රී ලංකා නිදහස්පක්ෂ උප සභාපති හා කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක , හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පවසයි.