(නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට අසූවක් පමණ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවිය (පිස්තෝලය) ලබාගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සිය ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවියක් සිය නිල බලයෙන් හිමි වන අතර බොහෝ මන්ත්‍රීවරුන් විවිධ හේතු මත පසුගිය කාලයේදී එම ගිනි අවිය ලබා ගෙන නොතිබිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට එල්ලවූ ප්‍රහාර වලින් පසුව  මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් ගිනි අවි ලබා ගැනීමට අයදුම්පත්  යොමුකළ බව  ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මන්ත්‍රීවරුන් බොහෝ පිරිසකට ආරක්ෂක අමාත්‍යාංශය විසින්  එම ගිනි අවිය  දැනටමත් නිකුත් කරනු ලැබ ඇත.