IMG-LOGO

අලුත් කොප් කමිටුවේ ඉන්නේ මොල හතාගේ අවතාර

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කෝප් කමිටුවට පත් කර තිබෙන්නේ මොල හතාගේ අවතාර ටිකක් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

තවමත් මේ දේවල් කෙරෙන්නේ අවතාර වලට ඕන විදියට නම් එය ලැජ්ජාවට කරුණක් බවද විමල් වීරවංශ මහතා කීය.

කෝප් කමිටුවට පත්කිරීම් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර අතර ඊයේ පාර්ලිමේන්තුවේදී  විවාද තත්ත්වයක් ඇති වූ අතර එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා:-

මොල හතාගෙ ගෝලයො ටිකක් තමයි කෝප් කමිටුවට පත් කර තිබෙන්නේ. තාමත් මේ හෙලවෙන්නේ ඒ අවතාර වලට ඕන විදියට නම් ලැජ්ජයි. ඒ අසාධාරණය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනවා.ආණ්ඩු පක්ෂයේ  සිට විපක්ෂයට පැමිණ මහජනතාව වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන්ට  සාධාරණ කතා කාලයක් ලබාදිය යුතුයි. එම මන්ත්‍රීවරුන්ට කෝප් කමිටු  සාමාජිකත්වය ලබා දී නැහැ.

කෝප් කමිටුව මොල හතාගෙ අවතාර වලින් පුරවලා සාධාරණයක් ඉටු කරන්න බැහැ.කමිටුවේ සභාපති ධුරයට රංජිත් බණ්ඩාර මහතා පත් කරන්න මොල හතා උපදෙස් දීලා තිබෙනවා.



අදහස් (0)

අලුත් කොප් කමිටුවේ ඉන්නේ මොල හතාගේ අවතාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 640 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 767 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 328 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site