(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පුරවැසියන් 225ට නිවන් ඇර වෙන දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නැතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා:- (පොපෙ) පැවසීය.

මේ කමිටුවෙි නම කෝප් කමිටුව ද පෝක් කමිටුව ද කියා ෆේස්බුක් එකේ අහල තියෙනවා. මෙය එතෙන්ට වට්ටන්න එපා. සමාජයේ බරපතළ විරෝධයක් පාර්ලිමේන්තුවට එල්ල වී තිබෙන වෙලාවක මෙහෙම කරන්න එපා. නිවන් ඇරෙන්න වෙන දෙයක් 225ට ප්‍රාර්ථනා කරන්නේ නැතැයි පුරවැසියන් කියනවා යැයි ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.