(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම නගරයෙන් අස්ථානගත වූ යතුරු පැදියක් භාවිතා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොහුවල පොලීසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු බව පොලිසිය කියයි .
මීට මාස තුනකට පමණ පෙර මහරගම සුපිරි වෙළඳ සැලක් ඉදිරිපිට නවතා තිබු යතුරුපැදියක් අස්ථානගත වී තිබූ අතර ඒ පිළිබඳව මහරගම පොලීසියේ පැමිණිල්ලක් කර තිබුණි.
ඒ පිළිබඳව පොලිසිය විමර්ශනයක් සිදුකරමින් සිටියදී අස්ථාන ගත වූ යතුරු පැදිය කොහුවල ප්‍රදේශයේ දී පුද්ගලයකු පැද යනු පැමිණිලිකරු දැක ඒ පිළිබඳව මහරගම පොලීසියට කළ ජන දීමක් අනුව මහරගම පොලීසියේ නිලධාරීන් කොහුවල පොලීසියට ඒ බව දන්වා ක්ෂණිකව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදිය මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd