(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව බව අයිස්ලන්ත ජනාධිපති ගුඕනි යොහැන්සන් (Guoni Th.Johannesson) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කරයි.
සමාජ සංහිඳියාව රැක ගනිමින් ආර්ථික අභියෝගවලට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ජොහැනසන් මහතා සඳහන් කර ඇත.
අයිස්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව හොඳ සබඳතාවක් භුක්ති විඳින බවත්, දෙරට අතර හුවමාරු වැඩසටහන් ඉහළ නැංවිම තුළින් දෙරටටම සැලකිය යුතු ප්‍රතිලාභයක් අත්විඳිය හැකි බවත් අයිස්ලන්ත ජනාධිපතිවරයා පෙන්වා දෙයි
ශ්‍රී ලංකාව අත්විඳින ලද ඉහළ උද්ධමනය පිළිබඳ අදහස් දක්වමින් , උද්ධමනය අයිස්ලන්තය ද ඉතා හොඳින් හඳුනාගෙන ඇති පොදු ගැටලුවක් බව සඳහන් කර ඇති අයිස්ලන්ත ජනාධිපතිවරයා මෑත කාලීන වසංගත සහ පාරිසරික තර්ජන වැනි ගැටළු වලදී සියලුදෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිස් ගහන එකයි මල ගෙවල් වල යන එකයි ඇරුනාම වෙන වැඩක් නැති නිසා වෙන්න අති.
කවුරු සුබ පැතුවත් හරිම අසුබ කාලයක්නෙ උදාවෙලා තියෙන්නෙ .
එක එක්කනා සුභපතලා වැඩක් නැහැ. රටේ ප්රශ්නය විසඳන්න බැරි නම්.
අතමාරුවක් ඉල්ලා ගන්න බැරි සුබපැතුම්. කසාදයක් බැඳගන්න බැරි මනමාලයා.
කවුරු සුබපැතුවත් මිස්ටර් බැක් ඩෝ ට ජනතාව සුබපතන්නේ නැහැනේ ?
හිඟමනට වැටිලා තිබෙන රටේ රාජ්ය ඇමැතිවරු 38 පත්කිරීම වෙනුවෙන් වෙන්න ඇති. ලබන ඡන්දේ රනිල් අතුගෑවිලාම යනවා ෂුවර්...