සිසුවියන්ගේ වැසිකිළියෙන් මතු වූ කැමරාව ගැන වාර්තාවක් ඉල්ලයි ගම්පහ නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කාන්තා වැසිකිළියක තිබියදී සොයාගත් කැමරාවක් යැයි සැකකරන උපකරණය උපයෝගී කරගනිමින් ඡායාරූප ලබා ගැනීමක් හෝ වීඩියෝගත කිරීමක් කළ හැකි නම් එහි පටිගත වන දර්ශන බාහිර උපකරණයක් මගින් හැසිරවිය හැකි ද යන්නත් එසේත් නොමැති නම් ගබඩා කළ හැකි ද යන්නත් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියම කළේය. 21 February 2022
පැය තුනක් විදුලිය කපන්න යයි බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙගාවොට් 541ක් ජාතික විදුලි පද්ධතියට අහිමිවීම නිසා හෙට (22) දිනයේ කලාප අටකට පැය 3 ක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 21 February 2022
තෙල් සංස්ථාව අලි අමාරුවක ඉන්ධන ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් ,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වනවිට බරපතළ අර්බුදයකට මුහුණදී සිටී. 21 February 2022
කැපූ අත්තට යටවී ගුරුවරයා මරුට තලවාකැලේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, මල්ලිඅප්පුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය පසෙක තිබූ විශාල නුග ගසක කපමින් තිබූ අත්තක් මාර්ගයේ ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් මතට කඩා වැටීමෙන් පාසල් ගුරුවරයකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. 21 February 2022
කොරෝනා මරණ 16,000 පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 30 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 February 2022
දේශීය ආයෝජකයන්ට ජනපතිගෙන් ආරාධනාවක් දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයන්ට ඇරයුම් කළේය. 21 February 2022
ඇමැරිකාවෙන් ගුවන් හමුදාවට බීච්ක්‍රාෆ්ට් යානා දෙකක් සමුද්‍රය ආරක්ෂාව තහවුරු කිරීම සදහා සහ ශ්‍රි ලංකා සුවිශේෂි ආර්ථික කලාප නිරීක්ෂණ හැකියාව ශක්තිමත් කිරීම සදහා ඇමැරිකා එක්සත් ජනපද ආරකෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාව වෙත නොමිලේ සමුද්‍රීය ගුවන් ආවේක්ෂණ යානා දෙකක් ලබා දෙන බව ගුවන් හමුදාව පවසයි. 21 February 2022
රටේ තත්වය ගැන මැතිසබයේ විශේෂ විවාදයක් හෙට රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (23) පැවැත්වීමට නියමිතය. 21 February 2022
තෙල් නැව් දෙකක් ඩොලර් නැතිව දවස් 3 ක් තිස්සේ කොළඹ වරායේ කොළඹ වරායට පැමිණි ඉන්ධන නැව් දෙකක් ඩොලර් නොමැති වීමෙන් ගොඩ බෑමට නොහැකිව දින තුනක් තිස්සේ කොළඹ වරායේ නැංගුරම් ලා ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 21 February 2022
ඩීසල් 52 කින් - පෙට්‍රල් 19 කින් ඉහළ දැමීමය යුතුයි ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් නොකළ හොත් ඩීසල් ලීටරයක් රුපියල් 52 කින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 19 කින් ඉහළ දැමීමට සිදු වන බව බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල මහතා පැවසීය. 21 February 2022
පාඨලීගේ පෙත්සම: විභාගයට ගන්නවාද? නැද්ද? තීන්දුව මාර්තු 29 රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් තමාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතා ගොනු කර ඇති පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වන නියෝගය ලබන මාර්තු මස 29 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද 21 නියෝග කළේය. 21 February 2022
කොවිඩ් ආසාදිතව සිටි 10,001 දෙනකු සුවය ලබයි කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 10,001 දෙනකු පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. 21 February 2022
සුරූපී කත ව්‍යාපාරිකයාගේ පවුම් 39 පැහැරගනී සුරුපී කාන්තාවක් කඩුවෙල කෝටිපති ව්‍යාපාරිකයකු ඉංගිරියෙ හෝටලයකට ගෙන්වා මත් දියරයක් බොන්නට දී සිහිසුන් වූ පසු ඔහු සතුව තිබූ පවුම් 39 බර රන් ආභරණ සොරාගෙන ව්‍යාපාරිකයාගේ සුඛෝපභෝගී ජීප් රථයෙන්ම පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. 21 February 2022
අද පැය 2ක් විදුලි කප්පාදුවක් රට පුරාම කාණ්ඩ 11 ක් යටතේ අද (21) පස්වරු 4.30 සිට ‘රාත්‍රී 10.30 දක්වා පැය දෙකක කාලයක් විදුලි කප්පාදු කරයි. 21 February 2022
මැතිසබයේ තවත් 11 කට කොවිඩ් පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිත සේවකයන් තවත් එකොළොස් දෙනකු අද (21) හමුවී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. 21 February 2022
දිවුලපිටිය හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය සාම්ප්‍රදායික සහ ග්‍රාමීය කර්මාන්ත ගම්මාන සංවර්ධන ඒකාබද්ධ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 25 ක් වැයකරකරමින් සංවර්ධනය කළ දිවුලපිටිය, හුණුමුල්ල හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය පසුගියදා ජනතා අයිතියට පත්කළේය. 21 February 2022
නිමල් ලන්සාගෙන් හෙට මැතිසබයට ප්‍රකාශයක් සිය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්වී සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී හෙට ප්‍රකාශයක් කිරීමට නියමිතය. 21 February 2022
බ්‍රිතාන්‍ය කුණු බහලුම් නැවත යවයි බ්‍රිතාන්‍යයෙන් මෙරටට ඒවා තිබූ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් අපද්‍රව්‍ය අඩංගු බහාලුම් තොගයේ අවසාන බහාලුම් 45 ප්‍රතිඅපනයනය සඳහා කොළඹ වරායේදී අද (21) පෙරවරුවේ නැව්ගත කළේය. 21 February 2022
ජනපති නිප්පොන් සැමරුමටත් යයි ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික සහ සංස්කෘතික කේන්ද්‍රයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සහ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ පැවැත්විණ. 21 February 2022
වනජීවි ඇමතිගේ ව්‍යාපෘතියට එරෙහිව පෙත්සමක් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා ආරම්භ කරනු ලැබ ඇති ව්‍යාපෘතිය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 21 February 2022
බූස්ටරය තදින්ම වැදුණු පසු සෞඛ්‍ය නීති ක්‍රමයෙන් ඉවතට ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමට පැමිණි පසු සෞඛ්‍ය නීති ක්‍රමානුකූලව ඉවත් කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 21 February 2022
මැතිවරණ පැවැත්වූවත් ඒ සඳහා සූදානම් කුමන අවස්ථාවක මැතිවරණ පැවැත්වූවත් ඒ සඳහා සූදානම් වන ලෙස සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකයින් වෙත උපදෙස් ලබා දී තිබේ. 21 February 2022
ඔළුව ඔල්මොරොන්දන්වන රජයේ වෙබ් අඩවි ඇතැම් රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි යාවත්කාලීන නොවීම ගැටලු රාශියකට මඟ පාදා ඇති අතර මේ පිළිබඳව සොයා බැලීමේදී ද සොයිසා කාන්තා රෝහලේ වෙබ් අඩවියට අනුව රාජිත සේනාරත්න තවමත් සෞඛ්‍ය ඇමැති බව දැකගත හැකියි. නියෝජ්‍ය අමාත්‍යවරයා ෆයිසල් කාසීම් මහතාය. 21 February 2022
ඕ.අයි.සීගේ මාස්ක් එක ගලවන්න ගිය ගායකයාට මාංචු රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකට ආරක්ෂාව සපයමින් සිටී පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධාකර මුව ආවරණය ගැලවීමට උත්සාහ කළ බව කියන ප්‍රසිද්ධ රැප් ගායකයකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි . 21 February 2022
ගැඹුරු මුහුදේදී අසනීප වූ ධීවරයා නිරුපද්‍රිතව ගොඩට ගාල්ල ධීවර වරායේ සිට නාවික සැතපුම් එකසිය 115 ක පමණ දුරින් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් දැඩි ලෙස අසනීපවූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට දක්ෂිණ නාවික හමුදා කදවුරේ නිලධාරීන් අද (21) පියවර ගත්තේය. 21 February 2022
මාදුරුඔය රක්ෂිතයේ දඩයමේ ගිය 5ක් මස් සමඟ මාට්ටු මහඔය පොලිස් වසමේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ඔමුණුගල කැළැ ප්‍රදේශයේ දී දඩයමේ ගොස් සිටි සැකකරුවන් පස් දෙනකු දඩයම් කළ සතුන් ගේ මස් කිලෝ 50 ට ආසන්න ප්‍රමාණයක් සමග විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 21 February 2022
‘විදුලි කප්පාදුව දෛනිකව තීරණය කරන්න බෑ‘ විදුලි කප්පාදුව පිළිබඳ තීරණය කිරීම දෛනිකව කළ නොහැකි කටයුත්තක් බවත් කප්පාදුව පිළිබඳ සැලසුම් සහගත තීරණයකට බලධාරීන් හැකි ඉක්මනින් මැදිහත්විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 21 February 2022
රත්මලානේ රොහාගේ මස්සිනා පිහි පහරින් මරුට පොලිස් වෙඩි පහරින් මිය ගිය සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලාන රොහාගේ මස්සිනා රත්මලාන රස්ටම් වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. 21 February 2022
පළාත් කිහිපයකට අදත් වැසි නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවන අතර, මධ්‍යම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 February 2022
පුහුණු වෙන්න ගිය මෝටර් රථය ඔයට පෙරළෙයි මහනුවර රන්දෙණිගල මාර්ගයේ කිවුල් ළිඳ හන්දිය ආසන්නයේ දී මෝටර් රථයක් අඩි 500ක් පමණ ප්‍රපාතයකට පෙරළී කිවුල් ළිඳ ඔයට වැටී තිබේ. 21 February 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026