(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මාසයකට ආසන්න කාලයක් තිස්සේ අක්‍රියව පැවතුණු පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවද අද (3) පත් කෙරිණ.

එම කමිටුවට පත්කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (3)  පෙරවරුවේ  ප්‍රකාශයට පත් කළේය.

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව සඳහා  පත් කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන් මෙසේය.

මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා,  සිසිර ජයකොඩි ,  (මහාචාර්ය) ජී. එල්. පීරිස්. , (වෛද්‍ය) රාජිත සේනාරත්න ,  දයාසිරි ජයසේකර   (ආචාර්ය) නාලක ගොඩහේවා ,  ෆයිසාල් කාසිම්,  අජිත් මාන්නප්පෙරුම ,  ජයන්ත සමරවීර ,  ගෝවින්දන් කරුණාකරම් ,  ඉම්රාන් මහරූෆ් ,  කෝකිලා ගුණවර්ධන ,  ප්‍රේම්නාත් සී. දොලවත්ත ,  මධුර විතානගේ  සහ  (ජනාධිපති නීතිඥ) ජයන්ත වීරසිංහ

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම සඳහා, නියෝජ්‍ය කතානායකවරයාගේ සභාපතිත්වයෙන්, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාද  පත්කරනු ලැබ සිටින බව කතානායකවරයා සඳහන් කළේය.