(රංජන් කස්තුරි)
සුරාබදු ආදායම මේ වසරේදී (2022) රුපියල් බිලියන 185 දක්වා ඉහළ දමන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාටිය මහතා ඉල්ලීම කළද හේතු ගණනාවක් නිසා එම අපේක්ෂිත ආදායම සපුරා ගත නොහැකිවනු ඇතැයි මත්පැන් නිෂ්පාදකයෝ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට පෙන්වා දී තිබේ.
මත්පැන් අලෙවිය සීග්‍රයෙන් පහත බසිමින් තිබෙන හෙයින් මේ වසරේදී සුරාබදු ආදායම සැලකිය යුතු ලෙස පහත බසිමින් තිබෙන බවද ඉකුත් දා (30) පැවති සාකච්ඡාවකදී මත්පැන් නිෂ්පාදකයින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට පවසා තිබේ.
මත්පැන් අලෙවිය පහත බැස ඇති හෙයින් රාජය අපේක්ෂා කරන ආදායාම ඉලක්කය ලබාගැනීමට කටයුතු කරන්නැයි එහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ වසර තුළ දෙවතාවක් වැට්බදු ඉහළයාම සමාජ ආරක්ෂණ බද්දක් නැතිවීම අධික ලෙස එතනෝල් සහ ඉන්ධන මිල ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් මත්පැන් මිල ඉහළ ගොස් ඇති අතර එම නිසා මත්පැන් අලෙවිය සීග්‍රයෙන් පහත යමින් තිබෙන බවද මත්පැන් නිෂ්පාදකයින් පෙන්වා දී ඇත.
නීත්‍යාණුකූල මත්පැන් අලෙවිය අඩුවීමට සාපේක්ෂව නීතිවිරෝධී මත්පැන් අලෙවිය ඉහළ යමින් තිබෙන බවද ඔවුහු පෙන්වා දී තිබේ.
මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම නිසා මත්පැන් නිෂ්පාදකයින්ට උපරිම ආදායම් ඉලක්ක සපුරා ගත හැකිවනු ඇතැයිද එහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදකයින්ට පෙන්වාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් රාජ්‍ය ඇමතිගේ ඔලුව හොඳ නැද්ද? ජනතාවට එදාවේලවත් කන්න විදියක් නැතුව ඉන්නේ?
සුරාබදු ආදායම ඉහළ දමන්න එක කෙසේවෙතත්, ජනාධිපතිගේ යාලුවා අලෝසියසුත් බර ගණන් බදු ගෙවල නැහැ. හිඟ බදු මුදල් අයත් නොකර, කොහොමද ඉහළ දමන්නේ?
මිනිස්සුන්ව මත් කරල සල්ලි ගරන්න හදන්නෙ.
රජය මැදිහත් වෙලා අලුතෙන් කර්මාන්ත බිහි කරන්නකෝ... මිනිස්සුන්ට සුරාව පොවලා ගන්න බදුසල්ලි වලින් යැපෙන්නේ නැතුව...
ටැක්ස් අඩුකරලා ගාන අඩු කරන්න. නිකන් ටැක්ස් ගහලා තියන් හිටියට වැඩක් නෑ. අද සාමාන්‍ය බියර් බෝතලයක් කීයක් වෙනවද? සාමාන්‍ය කුලී වැඩ කරන මනුස්සයාගේ ආදායම දවසට ආදායම රුපියල් 5000ක් වත් වෙන්න වෙයි ඕවා ගන්න.
අරක්කු මිල ඉහළ දැම්මොත් ලැබෙන බද්දත් නැතිවේවි.. මිනිස්සු කසිප්පු ගහන්න පුරුදු වෙයි...