
(අංජුල මහික වීරරත්න)
හම්බන්තොට ඌණ පෝෂණයෙන් පෙළෙන ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා තම මන්ත්‍රී වැටුප යොදා ගැනීමට කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය තිබේ.
මීට අමතරව තම හිතවතුන්ගෙන් ලැබෙන පරිත්‍යාග ද මෙි සත්කාරයට යොදා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඌණ පෝෂණ මව්වරුන් හදුනා ගැනීම අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් සිදු කරන අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් විසින් ලබා දෙන තොරතුරු මත සෑම ගැබිණි මාතාවකටම රුපියල් 5000 පමණ වටිනා පෝෂණ ද්‍රව්‍ය ඇතුළත් ආහාර මල්ලක් බැගින් මාසිකව ලබා දීමට කටයුතු යොදා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට හදුනාගෙන ඇති පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 12ක ගැබිනි මව්වරුන් 6000ක් සිටින අතර එම සියලු දෙනාටම පෝෂණ මල්ලක් බැගින් ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd