IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෘෂි ඇමති මන්ත්‍රී වැටුප ගැබිණි මව්වරුන්ට වෙන්කරයි

(අංජුල මහික වීරරත්න)

හම්බන්තොට  ඌණ පෝෂණයෙන් පෙළෙන ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා තම මන්ත්‍රී වැටුප යොදා ගැනීමට කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය  තිබේ. 

මීට අමතරව තම හිතවතුන්ගෙන් ලැබෙන පරිත්‍යාග ද මෙි සත්කාරයට  යොදා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඌණ පෝෂණ මව්වරුන් හදුනා ගැනීම අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් සිදු කරන අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් විසින් ලබා දෙන තොරතුරු මත සෑම ගැබිණි මාතාවකටම රුපියල් 5000 පමණ  වටිනා පෝෂණ ද්‍රව්‍ය ඇතුළත් ආහාර මල්ලක් බැගින් මාසිකව ලබා දීමට කටයුතු යොදා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට හදුනාගෙන ඇති පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 12ක ගැබිනි මව්වරුන් 6000ක්  සිටින අතර එම සියලු දෙනාටම පෝෂණ මල්ලක් බැගින් ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.



අදහස් (0)

කෘෂි ඇමති මන්ත්‍රී වැටුප ගැබිණි මව්වරුන්ට වෙන්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site