(අංජුල මහික වීරරත්න)

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ   දෙවෙනි කලාපයට අයත් කුඩා සත්ව කලාපය, සත්ව අභිජනන සංරක්ෂණ  සහ පර්යටන පක්ෂීන් ගළවාගැනිමේ මධ්‍යස්ථානය හෙට(4) විවෘත කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය පවසයි.

රිදියගම සෆාරි  උද්‍යානය සඳහා අක්කර 500 ක පමණ බිම් පෙදෙසක් වෙන් කොට ඇති අතර විවිධ සතුන් වර්ග සඳහා කලාප 13 ක් පිහිටුවා තිබේ.  දැනට ඉන් අක්කර 200 ක පමණ ප්‍රමාණයක් සංවර්ධනය කොට එහි පරිපාලන ගොඩනැගිලි, සත්ව රෝහල, නරඹන්නන්ට පහසුකම් සලසන ස්ථාන, අලෙවිහල්  වාහන නැවතුම් ස්ථාන ආදිය හා සත්ව කලාප කිහිපයක වැඩ නිමකර ඇත.

මේ සත්ව කලාප වන්නේ අක්කර 35 ක පමණ භූමි ප්‍රදේශයක පවතින අප්‍රිකානු සිංහ කලාපය, අක්කර 80 ක පමණ පැතිරී ඇති ශාඛ භක්ෂක සතුන් කලාපය හා අක්කර අක්කර 54 කින් යුතු ආසියානු අලින්ගේ කලාපය හා බෙංගාලි ව්‍යාග්‍රයන්ගේ කලාපයයි.  

හෙට  විවෘත කෙරෙන කොටස කලාප තුනකින් සමන්විතය. එහි කුඩා ශාක භක්ෂක සතුන් ( ගෝනමුවා, ඕළුමුවා, මීමින්නා, වැනි මුව වර්ග)  සඳහා වන කලාපයක් හා සුරතල් සතුන් සමග විනෝද වීමට ,ළමුන් සඳහා ඉදි කළ කලාපයක් ද  ඉදි කර තිබේ.