IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පස් කන්දක් නිවසක් මතට කඩා වැටී තිදරු මවක් මරුට

(ශානත චන්ද්‍රසිරි)

තලවකැලේ, පතන, මවුන්ට්වර්නන් වත්තේ උඩ කොටසේ වතු නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් වතු කම්කරු කාන්තාවක් අද (03) ජීවිතක්ෂයට පත්ව ඇතැයි දිඹුලපතන පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මවුන්ට්වර්නන් වත්තේ උඩ කොටසේ පදිංචිව සිටි රාමසාමී කාලිඅම්මා (45) නැමැති වතු කම්කරු තිදරු මවකි.

ප්‍රදේශයේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් එම නිවස පිටුපස තිබු විශාල පස් කන්දක් නායයාමට ලක්ව නිවස මතට කඩා වැටී ඇති බවත්, එම අවස්ථාවේ මුළුතැන්ගේ සිටි මෙම කාන්තාව ඊට යටවී ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ ජීවිතක්ෂයට පත් කාන්තාව සමග ඇගේ දියණියක්ද සිට ඇති අතර දියණියට ඉන් අනතුරක් සිදුව නොමැති බවද පොලීසිය කියයි.

මේ පිළිබඳව දිඹුලපතන පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.



අදහස් (0)

පස් කන්දක් නිවසක් මතට කඩා වැටී තිදරු මවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site