
(ශානත චන්ද්‍රසිරි)
තලවකැලේ, පතන, මවුන්ට්වර්නන් වත්තේ උඩ කොටසේ වතු නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් වතු කම්කරු කාන්තාවක් අද (03) ජීවිතක්ෂයට පත්ව ඇතැයි දිඹුලපතන පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මවුන්ට්වර්නන් වත්තේ උඩ කොටසේ පදිංචිව සිටි රාමසාමී කාලිඅම්මා (45) නැමැති වතු කම්කරු තිදරු මවකි.
ප්‍රදේශයේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් එම නිවස පිටුපස තිබු විශාල පස් කන්දක් නායයාමට ලක්ව නිවස මතට කඩා වැටී ඇති බවත්, එම අවස්ථාවේ මුළුතැන්ගේ සිටි මෙම කාන්තාව ඊට යටවී ඇතැයි පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ ජීවිතක්ෂයට පත් කාන්තාව සමග ඇගේ දියණියක්ද සිට ඇති අතර දියණියට ඉන් අනතුරක් සිදුව නොමැති බවද පොලීසිය කියයි.
මේ පිළිබඳව දිඹුලපතන පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd