
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
2023 වසර සඳහා සදහා පාසල් සිසු සිසුවියන්ට අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක් චීන රජයෙන් ලබාදීමට එකඟතාව පළකර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
ඉතිරි 30% දේශීය වශයෙන් සපයා ගැනීමට කටයුතු කරන බව කී අධ්‍යාපන අමාත්‍යවරයා ඒ අනුව ලබන ජනවාරියේ දී ම පාසල් නිල ඇඳුම් ලබා දීමට හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කෝ ඔය චීනයට දොස් කියන අය...?