(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඩීසල් ලීටරයකින් අද වනවිට රුපියලක ලාභයක් ලැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවසීය.
ඇමැතිවරයා මෙසේ පැවසුවේ පෙට්‍රල් මිල පමණක් අඩු කර යම් පමණකින් අඩු කර ඇතත් ඩීසල් මිල අඩු නොකරන්නේ ඇයි දැයි සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා:
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවුණා. මේ කාලයේ තමයි ගොවීන්ට ඩීසල් වැඩියෙන් අවශ්‍ය වෙන්නේ. පෙට්‍රල් මිල විතරක් අඩු වෙලා තිබුණත් ඩීසල් මිල අඩුවෙලා නෑ. ඒක ගැටලුවක්.
ඇමැති විජේසේකර මහතා:
බොරතෙල් මිල අඩු වූ පමණින් ඉන්ධන මිල අඩු කිරීමේ හැකියාවක් නැහැ. බොරතෙල් පිරිපහදු කිරීමෙන් සපුරා ගත හැකි ඉන්ධන ප්‍රමාණය සියයට තිහක් පමණයි. බොරතෙල් මිල අඩු වීමට සාපේක්ෂව සියලුම ඉන්ධන වර්ගවල මිල අඩු කිරීමට හැකියාවක් නැහැ. පසුගිය සතිය වන විට ලෝක වෙළෙඳපොළේ පැවති මිල අනුවත් ඩිසල් ලීටරයකින් රුපියල් 30ක පාඩුවක් ලැබුවා . දැන් තමයි ලීටරයකින් රුපියලක පමණ ලාභයක් තිබෙන්නේ. පවතින මිල අනුව මිල අඩු කළොත් ඊළඟට ආනයනය කරන්න මුදල් නැති වෙනවා. බොරතෙල් මිල ගණන් අනුව පෙට්‍රල්වලින් රුපියල් හැත්තෑවක පමණ ලාභයක් ලැබුවා. ඒ නිසයි මිල අඩු කළේ. ඉදිරි කාලයේදී තවත් අඩු කරන්න හැකිවේවි.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩීසල්වලින් රුපියලක ලාභයක් ලැබෙන බව ඇමති පිළිගනී
Surain Monday, 03 October 2022 03:48 PM
මෙයාගේ කටේ තියෙන්නේම රුපියලක පාඩුව හරි, රුපියලක ලාභය, හරිය, බොරුව වත් කියන්න දන්නේ නැති බබා..!
Asanga Monday, 03 October 2022 03:58 PM
පාඩුවට බලපාන නාස්තිය අඩුකරගන්න ඔබට ඇති නොහැකියාව ගැන ඔබ මොකද කියන්නේ..? මොකද IOC එක ලාබ ලබනවා නම්, සිපෙට්කෝ එක අලාභ ලැබීම ඔබ ඇතුළු නිලධාරිනුත් වගකිව යුතුයි.
රසික Monday, 03 October 2022 11:12 PM
මේ රටේම lively දෙයක් විදියට තියෙන්නෙ කංචනගෙ tweets විතරයි. එච්චරයි කතා කරන්න වැදගත් දෙයක් තියෙන්නේ...!
rs Tuesday, 04 October 2022 10:47 AM
හැම වෙලේම මොකක් හරි ප්‍රශ්නයක් . රුපියලක ලාභයක්ද එහෙම නැත්නම් පාඩුවක්ද ? රුපියලේ ඇමති.