සීමාව පැන්න ඉන්දීය ධීවරයන් 6ක් අල්ලයි
යාපනය, කෝවිලන් ප්රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ඩව් යාත්රාවක් සමඟ ඉන්දීය ධීවරයන් 06 දෙනකු, අද අලුයම අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.